විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට
ඌව පරණගම මොරගොල්ල ගල්ගේවත්ත ප්රදේශයේ නිවසකදී අද (5) විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතයි ඌව පරණගම පොලීසිය පවසයි.
ගල්ගේවත්ත , වැලිමඩ , ලිපිනයේ පදිංචි බන්දුල මාතර බඩල්ලගේ නැමති 38 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් තිබේ.