(එච්. චන්දන )
නිර්වින්දන වෛද්‍යවරු නිසි පරිදි නොමැති වීමෙන් පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වසා දමා ඇතැයි වාර්තාවේ.
මෙම දැඩි සත්කාරක ඒකකය සතුව ඇදන් 04 තිබූ අතර දිවයිනේ නන්දෙසින් රැගෙන එන රෝගීන් රැසක් පසුගිය කාලය පුරා මෙහි ප්‍රථිකාර ලබා ගත්තේය.
මෙම ඒකකය පවත්වාගෙන යාමට අඩුම තරමේ නිර්වින්දන වෛද්‍යවරුන් 04 දෙනකු සේවය අත්‍යවශ්‍ය බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.
මේ නිසා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලැබිය යුතු රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීමෙන් එම රෝගීන් හා ඥාතීන් දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇත.
මේ පිළිබඳව පුත්තලම මූලික රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය එම්. ජවුපික් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ මේ පිළිබදව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ බළධාරින් හා පළාත් සෞඛ්‍ය අංශ බළධාරින් දැනුවත් කර ඇති බවත් , පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාරක ඒකකය වසා ඇති බවට අනෙක් ප්‍රධාන රෝහල් දැනුවත් කර ඇති බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd