IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යාපනයේ අල ගොවීන් අමාරුවේ

(රොමේෂ් මධුෂංඛ)

 
අර්තාපල් සඳහා සහනදායි මිලක් නොමැති වීමත් ආනයනික අර්තාපල් හේතුවෙන් ගැටලු රැසක් ඇති වීමත් හේතුවෙන් යාපනයේ ගොවීහු පීඩාවට පත්ව සිටිති.
 
යාපනයේ පොන්නාලේ හා කඩ්ඩුවාන් යන පළාත්වල ගොවීන් වගා කළ අර්තාපල් වගාවල අස්වැන්න නෙළීමේ කටයුතු මේදිනවල සිදුවන නමුත් අර්තාපල් මිලදී ගැනීමේ මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින  බව ඔවුහු පවසති.
 
පෙබරවාරි මාසයේ අවසන් සතිවලදී අර්තාපල් කිලෝවක් රුපියක් 60ක තොග මිලකට පැවතියද එම මිල මේ වන විට රුපියල් 50 දක්වා පහත වැටී ඇති බවත් ඉදිරි කාලයේදී යාපනයේ අර්තාපල් අස්වැන්න නෙළීම වැඩි වනවිට කිලෝවක් රුපියල් 30  දක්වා පහත වැටෙන තත්වයක් පවතින බවත් ගොවීහු පවසති.
 
යාපනයේ අල වගා කරන්නන්ගේ සංගමයේ උප සභාපති  එස්. චන්ද්‍රසේකරන් මහතා සදහන් කළේ රජය අර්තාපල් ආනයනික බද්ද වැඩි කළද යාපනයේ අල ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි.
 
අල ගොවීන්ගේ සංගම් රජය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී රටේ අර්තාපල් අල සැපයුම නුවරළියේ හා යාපනයේ ගොවීන්ට ලබා දිය හැකි බැවින් අර්තාපල් ආනයනය සීමා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීමටද සහනයක් නොලැබුණු බවද ඔහු කියා  සිටියේය.
 
රටේ අර්තාපල් අවශ්‍යතාවය නිවැරදිව ගණන් බලා ඒ ප්‍රමාණය නිපදවීමේ වගකීම යාපනයට හා දිවයිනේ අල වගාකරන සෙසු පළාත්වලට ලබා දෙන මෙන් අල වගා කරන්නන්ගේ  සංගමය ඉල්ලා සිටියි. 
 
අල ආනයනය කිරීම සඳහා  විශාල මුදලක් නිකරුණේ වැය වන බව පවසන යාපනයේ අල ගොවීන් කියා සිටියේ අලෙවි කිරීමට නිසි පහසුකම් නොමැති නිසා ඇතැම් පළාත්වල අල ගොවීන් එම වගාව අතහැර දමා ඇති බවයි.
 
සාධාරණ මිලකට අල අලෙවි කරගැනීමට නොහැකි නිසා යාපනයේ ගොවීන් අල වෙනුවට රතුළූණු වගාවට යොමුව ඇති යාපනයේ අල ගොවීහු වැඩිදුරටත් කියා සිටියහ.

 



අදහස් (2)

යාපනයේ අල ගොවීන් අමාරුවේ

sarath Wednesday, 06 March 2019 08:48 AM

අලගොවියෝ වගේද , ලොක්කන්ට ලැබෙන පගාව

:       0       0

රවින් Wednesday, 06 March 2019 09:06 AM

සාමාන්‍ය වෙළෙඳ පලෙහි මිල ගණන් සැක හැර දැනගත හැකි ක්‍රම වේදයක් ලංකාව තුල ස්ථාපිත කල යුතුවේ. එවිට ගොවියා හට සැහෙන ප්‍රමාණයකින් මිල ගණන් පාලනය කර ගත හැක. අස්වනු නෙලීමට ප්‍රථම වෙළෙඳපල මිලගණන් ගොවියා දැන ගත්විට තම අස්වනු නෙලීම ක්‍රමානුකුල ක්‍රමවේදයකට කිරීමෙන් සැමදෙනා හට සාදාරණ මුදලක් ලබාගත හැක. දැනට ගොවින් භාවිතා කරනුයේ අස්වනු නෙලාගත් පසු වෙළඳ පොළ සොයන ක්‍රමවේදයයි. එවිට වැඩි වාසි අත්වනුයේ වෙළෙන්දා හටයි. මිල ගණන් ජංගම දුරකථන මාර්ගයෙන් ලබා ගැනීමට සැලැස්වීමෙන් තම වෙළෙඳ භාණ්ඩ සාදාරන මිලකට අලවිකරගත හැකි වෙනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32141 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14610 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 51 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site