IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙරියකඩෙයි පල්ලිය අසළ දිරාගිය ක්ලේමෝ බෝම්බයක්

(සිතුම් චතුරංග)
 
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බර දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසළදී අද(06) සොයාගත් බව මන්නාරම පොලිසිය කියයි.
 
මුස්ලිම් පල්ලිය අසළ කානුවක් පවිත්‍රකරමින් සිටි මන්නාරම නගරසභාවේ සේවකයින් පිරිසකට මෙම ක්ලෝමෝ බෝම්බය හමුවී ඇති බව පොලිසිය පැවසීය.
               
යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ සංවිධානය බහුලව භාවිත කළ ක්ලෝමෝ බෝම්බ වර්ගයට මෙය අයත් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
               
බෝම්බය කිසිවෙකු විසින් එම ස්ථානයට ගෙන දැමුවේද නැතිනම් එම ස්ථානයේ කාලයක සිට තිබුණේද යන්න පිළිබඳව සොයාබලන බව පොලිසිය කියයි.
               
සොයාගත් ක්ලේමෝ බෝම්බය ආරක්ෂිතව ඉවත් කිරීම සහ නිශ්ක්‍රීය කිරීම සඳහා මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායට බාරදීමට නියමිතය.


 



අදහස් (1)

පෙරියකඩෙයි පල්ලිය අසළ දිරාගිය ක්ලේමෝ බෝම්බයක්

anura Wednesday, 06 March 2019 10:37 AM

මේ අනුව පසුගිය දස වසරක් මේ කානුව පිරිසිදු කර නැත නගරසභාවට මේ බෝම්බය සවි කළත් ඔච්චර තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site