(ඩී. කේ. රත්න සහ සමන් පාලිත)
හල්දුම්මුල්ල වෑඑළිය මීගස්තලාව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට ඇද තිබූ විදුලි රැහැනක පැටලී අද (05) වන අලියෙකු මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
ගම්මිරිස් සහ කුරුදු වගා කර ඇති ඉඩමකට ඇද තිබූ විදුලි රැහනක පැටලී මෙම වන අලියා මියගොස් තිබේ.
වැල්ලවාය කොස්ලන්ද ප්‍රදේශයේ වන රක්ෂිතවල ජීවත්වන වයස අවුරුදු 20ක පමණ වන අලියෙකු මෙම විදුලිසැර වැදීම නිසා මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම වන අලියා කාලයක සිට වෑඑළිය ප්‍රදේශයේ වගාබිම්වලට පැමිණ වගාබිම් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
(ඡායාරූප - සමන් පාලිත)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd