(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යතුරු පැදි සොරා ගෙන ඒවා කොටස් කර කෑලි වශයෙන් විකිණීමේ යෙදී සිටි බව කියන පාසල් වියේ තරුණයින් දෙදෙනෙකු යතුරු පැදි කොටස් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටකන්ද හා හිරුවල පදිංචි වයස අවුරුදු 16 හා 17 වියැති තරුණයන් දෙදෙනෙකි.
ව්‍යාපාරිකයකුගෙන් සිය යතුරුපැදිය අතුරුදන් බවට පොලිසියට කළ පැමිණිල්ලකින් පසු පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලත් තොරතුරකට කල්එළිය කොටකන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සොරා ගත් රුපියල් ලකෂ තුන හමාරක් වටිනා යතුරුපැදිය කොටස් කරමින් සිටියදී තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකරුවන් බාරයේ තිබූ තවත් යතුරු පැදියක්, යතුරුපැදි එන්ජිමක් හා යතුරු පැදියක චැසියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද(05) අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
184
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි සොරකම් කර විකිණූ දෙදෙනෙක් අල්ලයි