(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යතුරු පැදි සොරා ගෙන ඒවා කොටස් කර කෑලි වශයෙන් විකිණීමේ යෙදී සිටි බව කියන පාසල් වියේ තරුණයින් දෙදෙනෙකු යතුරු පැදි කොටස් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටකන්ද හා හිරුවල පදිංචි වයස අවුරුදු 16 හා 17 වියැති තරුණයන් දෙදෙනෙකි.
ව්‍යාපාරිකයකුගෙන් සිය යතුරුපැදිය අතුරුදන් බවට පොලිසියට කළ පැමිණිල්ලකින් පසු පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලත් තොරතුරකට කල්එළිය කොටකන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී සොරා ගත් රුපියල් ලකෂ තුන හමාරක් වටිනා යතුරුපැදිය කොටස් කරමින් සිටියදී තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකරුවන් බාරයේ තිබූ තවත් යතුරු පැදියක්, යතුරුපැදි එන්ජිමක් හා යතුරු පැදියක චැසියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද(05) අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd