කිතුල් ගසකින් ඇද වැටී පුද්ගලයෙකුට බරපතළ තුවාල අඩි 40 ක් පමණ උසැති කිතුල් ගසකින් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අද (02) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පලාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 02 March 2019
වෙඩි වැදුණු වල් අලියාට වනජීවීයෙන් පිහිට වෙඩි වැදීමකින් පාදයකට බරපතළ තුවාල ලබා සිටින වල්අලියෙකුට අද (01) පලාගල කුරුප්පුවැව ප්‍රදේශයේදී ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ. 01 March 2019
හොරණ ඉන්ධන පිරවුම් හලක් කොල්ල කාලා ගිනි අවි රැගෙන යතුරු පැදියකින් හොරණ පොකුණුවිට ඉන්ධන පිරවුම් හලට කඩා වැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු ඉන්ධන හලේ පොම්පකරුවන් අත තිබූ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි. 01 March 2019
කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමකින් නිවාස වාහන ගිනිබත් වෙයි කල්පිටිය ආලංකුඩා ප්‍රදේශයේ කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබු ගැටුමකින් අද (1) සවස එක් අයකු බරපතල කැපුම් තුවාල ලබා නිවාස වෙළඳසැල් හා වාහන රැසක් ගිනි තබා විනාශ කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි. 01 March 2019
ඉත්තෑවකු මැරූ දෙදෙනෙකුට 60දහසක දඩ රාජකදළුව මානවේරිය වැව් රක්ෂිතයේදී උගුලක් අටවා ඉත්තෑවෙකු මැරූ සැකකරුවන් දෙදෙනෙකුට හලාවත මහේස්ත්‍රාත් දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද ( 01 ) රුපියල් 60,000ක බැගින් දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ. 01 March 2019
ටිපර් රථ - යතුරුපැදි අනතුරින් යතුරුපැදිකරු මරුට වීරකැටිය පොලිස් වසමේ නයිගල රජමහා විහාරය ඉදිරිපිටදී අධිවේගී මාර්ගයට පස් ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගිය බව වීරකැටිය පොලිසිය පවසයි. 01 March 2019
සමනලගම්වාසීහු වීදි බසිති නාවලපිටිය පස්බාගේ කෝරලය යටතේ පාලනය වන සමනලගම, බව්වාගම ඇතුළු ගම් රැසක ප්‍රදේශවාසීහු පිරිසක් අද(01) නාවලපිටියේදී විරෝධතාවයක නියැලුණහ. 01 March 2019
තංගල්ල කණිෂ්ඨ සේවකයෝ කෑම පැයේ විරෝධතාවයක සේවක ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තංගල්ල මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විරෝධතාවයක් අද (1) තංගල්ල මූලික රෝහල ඉදිරිපිටදී පැවැත්විණි. 01 March 2019
ආණමඩුවේ ගුරුවරයෙක් වසර 6ක් අලුයම ඉංග්‍රීසි උගන්වයි ආණමඩුව - මහඋස්වැව ශ්‍රී රතනපාල විද්‍යාලයේදී දරු දැරියන්ගේ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් වරස 6ක් අලුයම ඉංග්‍රීසි පන්තියක් පවත්වන බවද එය අති සාර්ථක බවද විද්‍යාලයේ විදුහල්පති ජේ. ඒ. තිලකසිරි මහතා පවසයි. 01 March 2019
පොළොව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් වත්තකින් සොයා ගනී පොළව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් දළුව කරඹ වත්තක තිබී සොයා ගත් බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 01 March 2019
මින්නේරිය ඔයේ අනවසර වැලි ගොඩදැමූ ස්ථානයක් වටලයි මින්නේරිය ඔයේ අනවසරයෙන් ගොඩ දැමූ වැලි කියුබ් 33ක් සමඟ වැලි ගොඩ දැමීමට භාවිත කළ උපකරණ රැසක් අද(01) ලංකාපුර ප්‍රාදේශීය ලේකම්වරයා සහ හිඟුරක්ගොඩ පොලිසිය එක්ව කළ විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත. 01 March 2019
මත්ද්රාවණයක් පොවා දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට තම දියණියට මත් ද්‍රාවණයක් පොවා ඇය දූෂණය කළ බවට සැකකරන 53 හැවිරිදි පියා අද (1) අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසිය පවසයි . 01 March 2019
වාහනවල චැසි අංක වෙනස්කර විකිණූ දෙදෙනෙක් අත්අඩංගුවට වාහනවල චැසි අංක වෙනස් කර ව්‍යාජ ලේඛන සකස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු කඩවත සුපිරි වෙළඳසැලක් අසළදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 01 March 2019
නිධන් හෑරීමට ගිය 5 ක් අත්අඩංගුවට රාජාංගනය යාය 2 පුරාවිද්‍යා රක්ෂිතයේ නිධානයක් ගොඩ ගැනීමට සුදානමින් රැදී සිටි යුද හමුදා සෙබළුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු නයිගල නිවසක දී අත්අඩංගුවට ගත්බව තඹුත්තේගම පොලිසිය කියයි. 01 March 2019
දසසිල් මාතාවක් පිහියකින් ඇණ මරා දමලා මුන්දලම කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ ආරාමයක දසසිල් මාතාවක් අද (28) තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇති බව මුන්දලම පොලිසිය පවසයි. 28 February 2019
කිරිදි ඔයේ දිය නාන්න ගිය අයෙක් කිඹුලෙකුට බිළි තිස්සමහාරාම නැදිගම්විල ගගසිරිගම ප්‍රදේශයේ දී කිරිදි ඔයේ දිය නාමින් සිටි 65 හැවිරිදි පුද්ගලයකු කිඹුලෙකුට බිළි විමෙන් අද (28) මියගොස් ඇතැයි වීරවිල පොලීසිය පවසයි. 28 February 2019
පාසල් 200ක ව්‍යාපෘති 200ක් හෙට විවෘත කෙරේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් එකම දිනක ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01) සිදුකෙරේ. 28 February 2019
වී සහතික මිල ඉහළ දැමීමේ සුදානමක් වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර නොච්ච්යාගම හැලඹෑව වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින් පැවසීය. 28 February 2019
අල්ලස් ගත් කාර්ය සහායකවරයෙක් අත්අඩංගුවට අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාර්ය සහායකවරයකු අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. 28 February 2019
ගෝනපොළ පියුම් මාමා ලියුම් හංගයි හොරණ ගෝනපොළ තැපැල් කාර්යාලයේ ලියුම් බෙදන්නෙකු බෙදා හැරීමට නියමිත ලිපි දහස් ගණනක් ඔලබොඩුව හන්දියේ තැපැල් පෙට්ටියක සඟවා රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කලුතර දිස්ත්‍රික් තැපැල් අධිකාරී චම්පික පෙරේරා මහතා පවසයි. 28 February 2019
වැස්සෙන් වලස්මුල්ල කුඹුරු අක්කර 100 ක් විනාශයි අස්වැන්න නෙළීමට ආසන්නව තිබූ කුඹුරු අක්කර 100ක් පමණ වැස්සෙන් විනාශ වි ඇතැයි වලස්මුල්ල වී ගොවියෝ පවසති. 28 February 2019
බියර්හලට විරෝධය පා දුටුවැව වැසියෝ උද්ඝෝෂණයේ ගලෙන්බිඳුනු දුටුවැව ප්‍රදේශයේ ගම්වාසීහු අද (28) ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. 28 February 2019
තාරකා ඉබ්බන් ළඟ තබාගත් අයෙක්ට දඩ තාරකා ඉබ්බන් 27 දෙනෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකරුවකුට අතිරේක මහේස්ත්‍රාත් අරුණ ආටිගල මහත්මිය අද (28) රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩයක් නියම කළාය. 28 February 2019
නාලන්දා විද්‍යාලයේ මළලසේකර රඟහල සිසු අයිතියට කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කර නවීකරණය කරන ලද ‘මළල සේකර රඟහල’ සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) සිදුකෙරිණි. 28 February 2019
කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම, පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (28) මන්නාරම, පුතුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 42.3 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය. 28 February 2019
බලපත් නැතිව රැඳී සිටි චීන්නු 14 ක් අත්අඩංගුවට මෙරටට රැදී සිටිමට වීසා බලපත්‍ර නොමැති චීන ජාතිකයින් 14 දෙනෙකු ගාල්ල දඩල්ලේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 28 February 2019
ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ වීදි බසිති පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ඇලහැර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඇලහැර මහා විද්‍යාලයේ පාසලේ දරුවන්ගේ මාපියෝ පිරිසක් අද (28) පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයෙක නිරත වූහ. 28 February 2019
අඟුණකොළපැලැස්සේ පුද්ගල ඝාතනයක් අඟුණකොළපැලැස්ස ආචාරිගම ප්‍රදේශයේ දී අද (28) පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. 28 February 2019
මුදල් කොල්ලකෑමේ සිද්ධියකට ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට දොඩංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී පවුම් දහයක රන් මාලයක් හා රුපියල් ලක්ෂයක අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද (27) අත් අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි. 27 February 2019
මාපලගම රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට ගාල්ල මාපලගම මාර්ගයේ වදුරබ දෙල්ගහවල කන්ද යන ස්ථානයේදී අද (27) සිදුවූ රිය අනතුරකින් 34 හැවිරිදි තරුණයෙක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 27 February 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025