IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ වීදි බසිති


(ක.ග. කරුණාරත්න)
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ ඇලහැර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ඇලහැර මහා විද්‍යාලයේ පාසලේ දරුවන්ගේ මාපියෝ පිරිසක් අද (28)  පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයෙක නිරත වූහ.
 
ඇලහැර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ට නියමිත  විෂයන් ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් ලබාදෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ට බල කරමින් උද්ඝෝෂණය පැවැත්විණි. ළමුන් 300 ක් පමණ ඉගෙනුම ලබන මේ පාසලේ ගණිතය, සිංහල, දෙමළ, සංගීතය, ක්‍රීඩා ආදී අත්‍යවශ්‍ය විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් නැතැයි උද්ඝෝෂණයට එක්ව සිටින මාපියෝ කියා සිටියහ.
 
ඇලහැර - නාඋල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවී ඇතැයි බකමූණ පොලිසිය සඳහන් කළේය.
 

 



අදහස් (0)

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32134 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14600 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site