IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙඩි වැදුණු වල් අලියාට වනජීවීයෙන් පිහිට

(කුෂාන් ජයවර්ධන)

වෙඩි වැදීමකින් පාදයකට බරපතළ තුවාල ලබා සිටින වල්අලියෙකුට අද (01)  පලාගල කුරුප්පුවැව ප‍්‍රදේශයේදී ප‍්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

තුවාල ලබා සිටින අලියා වයස අවුරුදු 20ක් පමණ වන එකෙකි. උස අඩි හත හමාරක් පමණ වේ. බදින තුවක්කුවක් පත්තුවීමෙන් අලියා තුවාල ලබා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.

වයඹ කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප‍්‍රමුඛ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම අලියාට ප‍්‍රතිකාර කිරීම ඇරඹීය. කහල්ල පල්ලේකැලේ අභයභූමියට අයත් පලාගල මීවැව කුරුප්පු වැව ඉස්මත්ත ප‍්‍රදේශයේදී අලියාට ප‍්‍රතිකාර කෙරිණ.

සිදුව ඇති වෙඩි වැදීම් වලින් අලියාගේ පසුපස පාදයකට හා ඉදිරි පාදයකට හානි සිදුව තිබේ. පසු පසු පාදය දැඩි ලෙස ඉදිමී ඇති අතර එහි ඇති තුවාලයේ පණුවන් වැගිරෙමින් සිටී.

ඉදිරි පාදයේ තුවාල පැසවා සැරව ගලමින් තිබේ. ඒ අනුව අලියාට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීම සදහා එම අලියා වනය තුළදීම නිර්වින්දනය කිරීමට වනජීවි නිලධාරීන්ට සිදුව තිබිණ. අලියා නිර්වින්දනය කිරීමෙන් පසු අවශ්‍ය ප‍්‍රතිකාර කටයුතු ලබා දීමට වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කටයුතු කරනු ලැබීය. 



අදහස් (0)

වෙඩි වැදුණු වල් අලියාට වනජීවීයෙන් පිහිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site