හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය ආලංකුඩා ප්‍රදේශයේ කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබු ගැටුමකින් අද (1) සවස එක් අයකු බරපතල කැපුම් තුවාල ලබා නිවාස වෙළඳසැල් හා වාහන රැසක් ගිනි තබා විනාශ කළ බව නොරෝච්චෝල පොලිසිය කියයි.
මාස කීපයක පටන් පැවති ආරවුලක් හේතුවෙන් අද (1) සවස කඩා වැදී 50 ක පමණ කණ්ඩායමක් එකම පවුලක සොහොයුරන්ට අයත් ආපන ශාලාවක්, යතුරුපැදි හතරක් ගිනි තබා විනාශ කර තිබේ.
මෙයට අමතරම එසේ කඩා වැදුණු පිරිස විසින්ම නිවාස දෙකක් සහ ඇදුම් මැසිමේ ව්‍යාපාරික ස්ථානයක තිබු උපකරණ වලට අලාභ හානි වී ඇති බව පොලිසිය පවසයි.
දෙපිරිස අතර දැනට මාස කිපයක සිට ගැටුම්කාරි තත්වයක් හට ගෙන තිබිණි. මේ පිළිබදව නොරෝච්චෝල පොලිසියට අවස්ථා ගණනාවක දී පැමිණිලි කළද කිසිදු විභාගයක් සිදු නොවු බවත් මෙම දේපොළ හානි වලට නොරෝච්චෝලේ පොලිසිය සම්පුර්ණයෙන් වගකිව යුතු බව දේපොල හානිවූ එකම පවුලේ පිරිස් පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමකින් නිවාස වාහන ගිනිබත් වෙයි