(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පහර දී පවුම් දහයක රන් මාලයක් හා රුපියල් ලක්ෂයක අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද (27) අත් අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මනෝජ් චන්දික සිල්වා නැමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා මිතුරන් සිව් දෙනෙකු සමඟ අවමගුල් නිවසකට ගොස් ත්‍රී රෝද රථයකින් නැවත යමින් සිටියදී මෝටර් රථ දෙකක් මග හරස්කර එයින් බැස ආ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු පමණ ත්‍රී රෝද රථයේ සිටි පිරිසට පහරදී ඇතැයි පැමිණෙල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd