(නිමල කොඩිතුවක්කු)
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් එකම දිනක ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (01) සිදුකෙරේ.
ඒහි ජාතික උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කුලියාපිටිය නගර සභා පිටියේදී පැවැත්වෙයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීමෙන් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘති 200ක් එක්වර විවෘත කරන පළමු අවස්ථාවද මෙයවේ.
කුලියාපිටිය ශාන්ත ජෝශප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැගිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ‍්‍රවනාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කරමින් මෙම වැඩසටහන ආරම්භ වේ.
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය 2016 වසර සිට 2020 වසර දක්වා ක‍්‍රියාත්මක වන අතර ඒ යටතේ ව්‍යාපෘති 18.000 ක් ක‍්‍රියාත්මකයි.
සමස්ථ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් බිලියන හැට පහකට ආසන්න වේ.
දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර ගොඩනැගිලි, ප‍්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යා පීඨ, පරිපාලන ගොඩනැගිලි, විද්‍යාගාර ආදී ව්‍යාපෘති රැසක් මේ යටතේ විවෘත කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අලුත්වල මහා විදුහලේ මෙම වැඩ සටහනට විද්‍යාගාරයක් විවෘත කිරීමට නියමිතව තිබුණ . නමුත් දෙමාපිය සහ ආදී සිසුන්ගේ බලවත් විරෝධය නිසා නවත දමා ඇත . එයට හේතුව මෙහි විදුලිය වතුර හා අවශ්‍ය උපකරණ කිසිවක් නොමැතිව තමා විවෘත කිරීමට හදල තියෙන්නේ . අනිත් පාසල් වලත් එහෙමද දන්නේ නැහැ.