(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාර්ය සහායකවරයකු අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් කාර්ය සහයකවරයා කුණ්ඩසාලේ පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලයේ සේවය කරනු ලබයි.
මාතලේ ඉඩමක ගෙපලක කපන ලද පස් කියුබ් 85 ක් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන බලපත්‍රය ලබාදීම සඳහා ඉඩම් හිමිකරුගෙන් රුපියල් 5000/- ක අල්ලසක් ලබාගෙන තිබේ.
සැකකරු මධ්‍යම පළාත් කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd