නීති විරෝධී විදේශීය සිගරට් විකිණූ සුපිරි වෙළදසැල් හිමියෙකු අල්ලයි
විදේශීය රටවල නිෂ්පාදිත සිගරට්, නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි, කල්පිටිය නගරයේ සුපිරි වෙළදසැල් හිමියෙකු, සිගරට් 900 ක් ද සමගින්, කල්පිටිය පොලිසිය විසින් අද (23) සවස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් විදේශීය සිගරට් ඉතා ඉහළ මිළ ගණන්වලට, කල්පිටියේ විදේශීය සංචාරකයින්ට අලෙවි කරන බැව් ප්රශ්ණ කිරීම්වලදී අණාවරනය වූ බැව් කල්පිටිය පොලිසිය පවසයි.