IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ක.ග කරුණාරත්න)

පොලොන්නරුව කඳුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේදී අද (24) රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු හතරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු බව බව අනාවරණය වී ඇත.

සැකකරු බස් නැවතුම්පොළෝ පිහිටි පලතුරු වෙළඳසැලකින් පලතුරු මිලදී ගෙන ඒ සඳහා මුදල් ගෙවීම කළ රුපියල් 1000 නෝට්ටුව පිළිබඳව පලතුරු වෙළෙන්දාට සැක සිතී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.

පසුව පොලිසිය පැමිණ සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේදී එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු 04 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීම් ආයතනයක රැකියාව කරන බවත් කොළඹදී වෙළෙඳසලකින් බඩු මිලදී ගෙන මුදල් මාරු කළ අවස්ථාවේදී ඉතිරි මුදල් ලෙස තමන්ට මේ රුපියල් 1000 මුදල් නෝට්ටු ලැබුණු බවත්ය.



අදහස් (0)

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site