IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නව නිවාස 155ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ

 

 

 

(රංජිත් රාජපක්ෂ)

ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වූ වතු නිවාස 155ක ගම්මානයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) වතු කම්කරු අයිතියට පත් කරනු ලැබීය.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි වූ වතු නිවාස 155 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ නිර්මාතෘ දිවන්ගත වි.කේ වෙල්ලෙන්පුරම් මහතා සිහි කිරීම සඳහා වි.කේ වෙල්ලෙන්පුරම් ගම්මානය වශයෙන්  නම් කර තිබේ.

ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ 10 ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙකක් එක් නිවාසයක් සඳහා වැය කර ඇති අතර මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 175 කි.

පර්චස් හතක ඉඩමක තනි නිවාස වශයෙන් ඉදි වූ මෙම සෑම නිවසක්ම විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනිපාරක්ෂක පද්ධතියක් , මං මාවත් විදුලිය සහ පානීය ජලයෙන්ද සමන්විත වෙයි.

වත්මන් රජය යටතේ හරිත ගම්මාන සංකල්පය මත වතු කම්කරුවන් සඳහා ඉදිවන මෙම සෑම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද ලබා දෙනු ඇත.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ,ඉන්දියානු ශ්‍රි ලංකා මහ කොමසාරිස් ශ්‍රි තරංජිත් සින් සන්ධු අමාත්‍ය පලනි දිගම්බරම් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (0)

නව නිවාස 155ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site