(කේ බුද්ධික කුමාරසිරි )
හංවැල්ල - ඌරාපොල මාර්ගයේ තිත්තපත්තර ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ මවක සහ පුතකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි දොම්පේ පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි චතුරංග බාලසූරිය සහ ඔහුගේ මව වන ප්‍රියංකා ප්‍රියදර්ශනී නැමැති 49 හැවිරිදි කාන්තාවකි.
අනතුරට ලක් වූ ත්‍රී රෝද රථයෙහි රියදුරු ද තුවාල ලබා ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දොම්පේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd