IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හබරණ ’’මයිලෝ’’ කිඹුල් මස් ජාවාරම් අල්ලයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
 
පලුගස්වැව හොරිවිල වැවේ සිටින කිඹුලන් අල්ලා ඝාතනයකොට අමුවෙන් මස්  හා වියලා මස් අලෙවි කිරීමේ කාලයක පටන් සිදුකරගෙන ගිය ජාවාරමක් හබරණ පොලිසියේ "මයිලෝ" නැමැති නිල සුනඛයා විසින් සොයාගත් බව පොලිසිය කියයි.

පලුගස්වැව හොරිවිල ගමේ මෙම ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු සහ   වේලන ලද කිඹුල් මස් තොගයක් සහ අමුවෙන් අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කිඹුල් මස් තොගයක් සමග සැකපිට ඊයේ 22 රාත්‍රියේ හබරණ පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හබරණ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාට ගේ උපදෙස් පරිදි හබරන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. පී .එස්. ජයලත් මහතාට ලැබුණු තොරතුරක් මත පොලිසියේ පාලන අංශ   ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. බී.එස් . රත්නායක මහතා හා දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් හබරණ පොලිසියේ නිල සුනඛ මයිලෝ සමග ඉතා සූක්ෂම ලෙස මෙම කිඹුල් මස් ජාවාරම සිදුකරගෙන යන පුද්ගලයන් පිළිබඳව වැටලීමක් සිදු කොට තිබේ.

ඒ අනුව   පලුගස්වැව හොරිවිල ගම්මානේ නිවසක අලෙවිය සඳහා සූදානම් කර තිබූ කිඹුල්  මස් තොගයක් මෙන්ම  වියලන ලද  අලෙවි කිරීමට සූදානම් කර තිබූ කිඹුල් මස් තොගයක් අල්ලා දීමට මයිලෝ නිල සුනඛයාට හැකිවී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ තමන් හොරිවිල වැවේ සිටින කිඹුලන් මරා අමු මස් සහ කිඹුලන් මස් වෙලා අලෙවි කිරීම සිදු කරන බව ය.වෙනත් පුද්ගලයන්ගෙන්ද මරණ ලද කිබුල්ලන්ගේ මස් ගෙන්වා ගන්නාබවය . බොහෝ දෙනෙකු කිඹුල් මස් ආහාරයට ගැනීම සඳහා ගීජුව සිටින බවත්  මස් කිලෝවක් රුපියල් 1500 ක මිලයකට අලවි කරන බව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.

කෙසේවෙතත් කිඹුලන් ඝාතනය කොට මස් අලෙවි කිරීම සපුරා තහනම් වේ. වනසත්ත්ව වෘක්ෂ ලතා ආරක්ෂණ  පනත මගින්  කිඹුලා දැඩි ආරක්ෂිත සතෙකු ලෙස හඳුන්වා දී තිබෙන බවත් කිසිම ආකාරයකින් කිඹුලෙකු ඇතිකිරීම ළඟ තබා ගැනීම ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව වනජීවී නිලධාරීහු පවසති.

මෙසේ අත්අඩංගුවට ගත් කිඹුල් මස් සහ පුද්ගලයන් දෙදෙනා 23 කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හබරණ පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්හබරණ   සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාගේ උපදෙස් පරිදි හබරන පොලිසියේ ස්ථානාධිපති එන් .පී .එස්. ජයලත් මහතා පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පි . බී. එස්. රත්නායක දූෂණ මර්දන අංශයේ පොලිස් සැරයන් 23054 ජයසිංහ පොලිස්    කොස්තාපල්වරුන් වන 53 505 සෙනවිරත්න.50959 නිහාල් 88765 දිසානායක ,68520 බණ්ඩාර  48314 බණ්ඩාර 82145 හේරත් නිල සුනක මයිලෝ නිලසුනක භාර 58924 ලීලාරත්න යන නිලධාරීහු වැටලීමට එක්වුහ



අදහස් (0)

හබරණ ’’මයිලෝ’’ කිඹුල් මස් ජාවාරම් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32124 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site