(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකාවේ වෙරළ කලාප තුළ සංවර්ධන කාර්යන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කිරීමේ ඊ බලපත‍්‍ර සේවාව හඳුන්වා දීම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ සොබාදම් පියස ශ‍්‍රවණාගාරයේදී අද (22) සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ වෙරළ කලාප තුළ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් බලපත‍්‍ර නිකුත් කිරීමේදී වඩා විධිමත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම සේවාව ක‍්‍රියාත්මක කෙරේ.
ඒ අනුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය සහ දිස්ත‍්‍රික් කාර්යාල 14ක කාර්ය ජාලගත කරමින් මෙම සේවා හඳුන්වා දෙනු ලැබීය.
අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල කටයුතු ඩිජිටල්කරණය තුලින් දූෂණයෙන් තොර වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට අවස්ථාව හිමිවන බව එහිදි අදහස් දක්වමින් මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.
එමෙන්ම ධනය සහ බලය ඇති පුද්ගලයන්ට සේවාවන් සපයනවා වෙනුවට ප‍්‍රමුඛතාවය මත සැමට එකා හා සමාන සේවාවක් ලබාදිමට මෙම ක‍්‍රමවේදය හමුවේ අවස්ථාව සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
නව තාක්ෂණය භාවිතා කිරිමත් සමග අඩුකාළයක් තුළ වැඩි වැඩකොටසක් කිරිමට හැකිවනු ඇති බවද සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී අමාත්‍යාංශයේ සෙසු ආයතනද ඩිජිටල් කරනය කරමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඉටුකිරීමට කැපවෙන බවද වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාව සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ඊ සේවය කලත් පගා ගහන නිලධාරීයෝ ඉන්නකම් ඔය එකක්වත් හරියන්නේ නැහැ , දැන් ඔය රියදුරු බලපත්‍ර , විදේශගමන් බලපත්‍ර වැනි දේවල් නවීන තාක්ෂණයට අනුකුලව සකස් කරලා නැද්ද. දැනට ලෝකේ ප්‍රමිතියෙන් වැඩිම වාහන නොම්මර තහඩු තිබෙන්නේ ලංකාවේ, උදාහරණයක් වශයෙන් කියනවා නම් ජර්මනියේ තිබෙන වාහන අංක තහඩු අපේ ඒවත් එක්ක සංසන්ධනය කරල බැලුවහම අපේ ඒවගේ තිබෙන වෝටර්මාර්ක් වැනි දේවල් එහි නැහැ. ජර්මනියේ 1999 වෙනකන් නිකුත් කලේ ඡායාරුපයක් අලවපු කඩදාසි රියදුරු බලපත්. අපි 1990 විතර ඉදන් භාවිත කලේ ප්ලාස්ටික් කාර්ඩ් රියදුරු බලපත්‍ර , ඔය මොනවා කලත් අපේ රටේ හොර රියදුරු බලපත්‍ර , පාස්පෝර්ට් වැනි දේවල් නිකුත් වෙනවා , මදුෂ් ඩුබායි ගියේ වෙනත් නමකට තිබෙන ඔහුගේ ඡායාරුපය සහිත ගමන් බලපත්‍රයකින්. විමල් විරවංශගේ බිරිඳ රට ගියේ දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරපු වැරදි තොරතුරු සහිත ගමන් බලපත්‍රයකින්. මොන තාක්ෂණය තිබුනත් ඒවාට දත්ත ඇතුල් කරන නිලධාරියෝ පගා ගහනවානම් ඒවා ගැන විශ්වාසයක් තියන්න බැහැ