අධිවේගී මාර්ග පිවිසුමේ අනවසර ඉදිකිරීම් ඉවත් කෙරේ ගාල්ල දෙවට අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වන ස්ථානයේ සිට ගාල්ල නගරය දක්වා පවතින අධික තදබදයට හේතුවන අනවසර ඉදිකිරීම් සහ අවිධිමත් වාහන නවතා තැබීම් ඉවත් කිරීම අද(27) දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්ධු මහතාගේ මැදිහත් වීමෙන් සිදුවිය. 27 February 2019
මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් 13 වැනිදා තෙක් රිමාන්ඩ් බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය. 27 February 2019
බැඳුම්කර වංචාවට එරෙහිව උද්ඝෝෂණ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (27) කොළඹ ජනාධිපති මාවතේ මහා බැංකු මුලස්ථානය ඉදිරිපිට පැවැත්විණි. 27 February 2019
ගින්නකින් කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම විනාශයි කුලියාපිටිය කරගහගෙදර පිහිටි ප්‍රධාන පෙලේ කොහු කර්මාන්ත ශාලාවක මහා පරිමානයෙන් කොහු පිරවූ එක් කොටසක් අද (27) හදිසියේ ඇතිවූ ගින්නකින් මුලූමනින්ම ගිනිබත් වු තිබූ අතර එම ගොඩනැගිල්ල ඇතුළත තිබූ විශාල ප්‍රමාණයේ ලොරි රථයක්ද ගින්නට හසු වී විනාශ වී තිබේ. 27 February 2019
කේරළ ගංජා කිලෝ 86ක් අත්අඩංගුවට උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේදී කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද ( 27) අත්අඩංගුවට ගෙන ඇත. 27 February 2019
පිලිපීන රූපලාවන්‍ය ශිල්පිනියගේ රන් මාලය කොල්ල කෑ යුවළක් අත්අඩංගුවට පිලිපීන ජාතික රූපලාවන්‍ය ශිල්පිනියගේ රුපියල් 120,000ක් පමණ වටිනා රන් මාලයක් සැලසුම් සහගතව කොල්ල කෑ පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 27 February 2019
ත්‍රී රෝද - කැබ් රථ අනතුරින් අයෙක් මරුට අතුරුගිරිය දිගරොල්ල මාවත අසළදී අද(27) ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය කියයි. 27 February 2019
කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පිහි පහරක් ගාල්ල ඩික්ෂන් හන්දිය අසල වෙළද සැලක් පවත්වාගෙන යන ව්යාපරිකයකුගෙන් කප්පම් ඉල්ලා සිටි අයෙකුට ව්‍යාපාරිකයා විසින් පිහියකින් පහරදීම නිසා කප්පම්කරු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 26 February 2019
රා තැබෑරුමකට මුද්‍රා තැබේ තලවකැලේ පූඩළුඔය නගරයේ පිහිටි රා තැබෑරුමක් වසා මුද්‍රා තැබූ බව නුවරඑළිය සුරාබදු කාර්යාලයේ නිලධාරියෙකු පැවැසීය. 26 February 2019
පිස්තෝලයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට යක්කල , වීදියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවසක තිබී පුහුණු කටයුතු සඳහා යොදා ගන්නා බව කියන මිනි ගැප් කැලිබර් දශම 8 ප්‍රමාණයේ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ තුනක්ද සමඟ ද 45 හැවිරිදි තැනැත්තෙකු අද (26) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 26 February 2019
අල්ලස් ගත්තැයි අගුණුකොළපැලැස්ස වලවේ කළමනාකරු අත්අඩංගුවට අගුණුකොළපැලැස්ස -වලවේ- මහවැලි ඒකක කළමනාකරු සිය නිල කාමරය තුළදී පුද්ගලයකුගෙන් රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද(26) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය. 26 February 2019
ප්‍රා. සභාපති ඇතුළු නිලධරයන්ට බලහත්කාරකම් පෑ අයෙක්ට ඇප නිසි අවසරයකින් තොරව ප්‍රාදේශීය සභාව සතු පාරක් අවහිර වන ලෙස ඉදිකරමින් තිබූ තාප්පයක් පරික්ෂා කිරිමට ගිය ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ කාර්මික නිලධාරින් දෙදෙනෙකුට සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයකු ඇප මත මුදා හැරීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය. 26 February 2019
ව්‍යාජ ෆේස්බුක් වලින් තරුණියන් රැවටූ අනංගයා අත්අඩංගුවට ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සාදා තරුණියන් රවටා විවාහ කර ගෙන මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන දෙවිනුවර ප්‍රදේශයේ තරුණයෙකු සැකපිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි. 26 February 2019
උසස් තාක්ෂණ ගණකාධිකරණ සිසුහු වීදි බසිති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් අද (26) කොටුව ලොටස් පාර අවහිර විය. 26 February 2019
උතුරේ සිසුන් 50 ට අඩු පාසල් වැසෙන ලකුණු උතුරු පළාතේ සිසුන් 50ට වඩා අඩු පාසල් 250කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීම කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු ආරංචිමාර්ග සදහන් කරයි. 26 February 2019
වරෙන්තුකරුවකුගෙන් උණු වතුර පහර ලැබූ කොස්තාපල්වරු දෙදෙනෙක් රෝහලේ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට හොරණ කුඹුක ප්‍රදේශයේ නිවසක් වෙත ගිය මොරගහහේන පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු සැකකරුගේ යකඩ ඉනි සහ උණු වතුර ප්රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 26 February 2019
අම්පාරේ සාම පාගමනක් අම්පාර දිස්ත්‍රික්කය මනුෂ්‍යත්වයෙන් පිරි ආදර්ශමත් දිස්ත්‍රික්කයක් ලෙස ජාතික සංහිදියාව සහ සහජීවනය ගොඩ නංවාලීමේ අරමුණ ඇතිව අද (26) අම්පාර නගරයේ දී සාම පාගමනක් සංවිධානය කර තිබිණි. 26 February 2019
ත්‍රි‘මලේ වැලි කැණීම් බලපත්‍රදීම මාර්තු 1 වැනි දා සිට ඇරඹෙයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තාවකාලිකව අත්හිටුවා තිබූ මහවැලි ගඟ ආශ්රිත වැලිකැණීම් කටයුතු සඳහා බලපත්‍ර ලබාදීම ලබන මාර්තු 1 දා සිට ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ෂෙල්ටන් කුමාරසිංහ මහතා පැවසීය. 26 February 2019
බසය ටිපරයේ ගැටීමෙන් අයෙක් මරුට:5ක් රෝහලේ යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම මාර්ගයේ ධාවනයවූ සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලිසිය කියයි. 26 February 2019
නයාරු විහාරයේ නඩුව 15 ට කල්යයි මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ දී ගොනු කර ඇති නඩුව අද (26) කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. 26 February 2019
බුරුත කඳන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට මොල්ලිකුලම රක්ෂිතයෙන් කපා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ 04 ක් පමණ වටිනා බුරුත කඳන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අද( 26 ) අලුයම අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන කාර්යාලය කියයි. 26 February 2019
මහඅස්වැද්දුම පාලම කඩාවැටීමෙන් ජනතාව අමාරුවේ රත්නඇල්ල, පතෝලකොටුව, ඇල්දම්පෝරුව, දඹලවැල්ගාල, අක්කර කොළනිය යන ගම්මාන වෙත පිවිසීම සඳහා භාවිත කරන ලද මහඅස්වැද්දුම පාලම කඩාවැටීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 26 February 2019
දේවහූව ජලාශයේ සොරොව්ව කැඩීයාමෙන් ගොවීන් අනතුරේ දේවහුව ජලාශයේ සොරොව්ව කැඩීයාම හේතුවෙන් මාස ගණනාවක් පුරා වැවේ ජලය විශාල වශයෙන් අපතේ යන බවත් ලබන කන්නයේදී ගොවීන්ට ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් දේවහුව ගොවි සංවිධාන පෙන්වා දෙයි. 26 February 2019
රිය අනතුරකින් අයෙක් මරුට ගාල්ල කොළඹ මහා මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේදී ත්‍රි රෝද රථයක් ලංගම බස් රථයක් සමඟ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ එක් අයෙකු මිය ගොස් රියදුරු සමඟ තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 26 February 2019
මව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියට 2019 වසරේදී සිසුවියන් සිව්දෙනෙකු ඇතුළුත් කර නොගැනීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් වූ බව පවසමින් එම සිසුවියන්ගේ මා පියන් ඇතුළු පිරිසක් තෙවන වරටත් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (25) උද්ඝෝෂණයක් පැවැත්විණි. 25 February 2019
ලක්ෂ 20 භාණ්ඩ සොරාගත් අයෙක් අත්අඩංගුවට ගල්කිස්ස හා මොරටුව පොලිස් වසම් වලට අයත් නිවාස හා නේවාසිකාගාර වලට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේදී අතුළු වී රුපියල් ලක්ෂ විස්සක පමණ දේපල හොරා ගෙන විකුණා හොරොයින් මත්කුඩු පානය සඳහා මුදල් වැය කළ පුද්ගලයකු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 25 February 2019
නිවෙසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඌරණිය ගම්මානයේ නිවසක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන පතරොම් තුවක්කුවක් සමග සැකකරුවෙකු අද (25) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. 25 February 2019
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි විරෝධතා බණ්ඩාරවෙල දෙමළ විද්‍යාලයක විදුහල්පතිවරයා එම විද්‍යාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ පාසල් දරුවන්ගේ දෙමාපියවරු අද (25) දහවල් එම විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ. 25 February 2019
ආණමඩුව පොලිස් ජීප් රිය ඇළේ : තුනක් රෝහලේ ආණමඩුව පොලිසියේ ජීප් රථය හදිසි රාජකාරියකට ගොස් ආපසු පොලිස්ථානය වෙත එමින් සිටියදී අද (25) අලුයම උප්පලවත්ත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවකින් පහළට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කළ බව කියයි. 25 February 2019
කප්පම් ගැනීමට ආ යුද හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට තණමල්විල ඌව කුඩාඔය තෙලූල්ල ප්‍රදේශයේ වැලි තොටුපලකින් කප්පම් ගැනීමට පැමිණි යුද හමුදා සෙබළුන් යැයි පැවසෙන දෙදෙනෙකු ආයුධ රැසක් සමඟ අද (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 25 February 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025