IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බසය ටිපරයේ ගැටීමෙන් අයෙක් මරුට:5ක් රෝහලේ

(සිතුම් චතුරංග)
 
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම මාර්ගයේ ධාවනයවූ සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලිසිය කියයි.
 
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථය, කිලිනොච්චිය දෙසට කළුගල් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය පැවසීය.
 

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය පදිංචි සෙල්වරාසා නගුලේෂ්වරන් නැමති 42 හැවිරිදි පුද්ගලයකි.
 

පොලිසිය පැවසූයේ අධික වේගයෙන් පැමිණ ඇති බස්රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ටිපර් රථයේ පසුපසින් ගැටී ඇති බවයි.
 
අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඉන් අසාධ්‍ය තත්වයේ සිටි තිදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා යාපනය රෝහල වෙත මාරුකර තිබේ.
 
අනතුරින් බස් රථයේ රියදුරුද  සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.
 

මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය මහරෝහලට රැගෙනගොස් ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

මාන්කුලම් රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 



අදහස් (0)

බසය ටිපරයේ ගැටීමෙන් අයෙක් මරුට:5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32126 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site