IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රි‘මලේ වැලි කැණීම් බලපත්‍රදීම මාර්තු 1 වැනි දා සිට ඇරඹෙයි

(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තාවකාලිකව අත්හිටුවා තිබූ  මහවැලි ගඟ ආශ්‍රිත වැලිකැණීම්  කටයුතු සඳහා බලපත්‍ර ලබාදීම ලබන මාර්තු 1 දා  සිට ආරම්භ කරන බව භූ විද්‍යා හා  පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු ෂෙල්ටන් කුමාරසිංහ මහතා පැවසීය.


වැලි කැණීම් අත්හිටවූ කාලසීමාව තුළ භූ විද්‍යා හා පතල් කැණීම්  කාර්යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී  සංරක්ෂණ දෙපාර්තමේන්තුව  එක්ව කළ  සමීක්ෂණ වාර්තාව ලබන 28 වැනි දා ත්‍රිකුණාමලයේ පිහිටි  ආණ්ඩුකාර කාර්යාලයේ දී එළිදැක්වීමට නියමිතය.
 
අදාළ සමීක්ෂණ වාර්තාව පදනම් කරගෙන මෙම බලපත්‍ර නිකුත් කෙරෙන බවත්  ඒවන විට ඉඩම් හිමි නිර්දේශයේ සිට අනෙකුත් රාජ්‍ය ආයතන නිර්දේශ ලබාගෙන තිබීම  කළ යුතු බවද කැනිම් ඉංජිනේරුවරයා කීය.
 
නැගෙනහිර ආණ්ඩුකාර  එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති  සාකච්ඡාවේදී මෙම කරනු අනාවරණය විය. 
 
දිසාපති එන්. ඒ .ඒ. පුෂ්ප කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ, වරාය හා නාවික කටයුතු  නියෝජ්‍ය ඇමැති  අබ්දුල්ලා මහරුප් යන මහත්වරුන්  ඇතුළු වැලි බලපත්‍රලාභීන්  සමඟ මෙම සාක්ච්ඡාව පැවැත්විණි.



අදහස් (0)

ත්‍රි‘මලේ වැලි කැණීම් බලපත්‍රදීම මාර්තු 1 වැනි දා සිට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site