( ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල දෙමළ විද්‍යාලයක විදුහල්පතිවරයා එම විද්‍යාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ පාසල් දරුවන්ගේ දෙමාපියවරු අද (25) දහවල් එම විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
ප‍්‍රදේශයේ ඉතාමත්ම ජනප‍්‍රියම පාසලක්ව පැවති විශාල සිසු සිසුවියන් පිරිසක් ඉගෙනුම ලැබූ මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියා කලාපය නිසා මේ වන විට අධ්‍යාපන තත්වය ඉතාමත්ම පහත් තත්වයට වැටීමෙන් මේ වන විට මෙම විද්‍යාලයේ සිසු දරුවන් වෙනත් පාසල්වලට මාරුවීම නිසා මෙම පාසල රැක ගැනීම උදෙසා මෙම විදුහල්පතිවරයා මාරු කරන ලෙස ඉල්ලමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.
උද්ඝෝෂකයින් බණ්ඩාරවෙල පූනාගල ප‍්‍රධාන මාර්ගයේ කේ‍්‍රග් දෙමළ විද්‍යාලය ඉදිරිපිටදී පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ අතර බණ්ඩාරවෙල අධ්‍යාපන කලාප කාර්යාලයේ ද්‍රවිඩ අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.ලෝගේශ්වරන් මහතා මෙම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයින් සමග පැවත්වූ සාකච්ඡාවකින් පසු ලබන බදාදා දින උද්ඝෝෂණයේ යෙදුණු දෙමාපියන් පිරිසකට බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයට පැමිණෙන ලෙසත් එදිනට මෙම ගැටලූවට පිළිතුරක් ලබාදෙන බවට පොරෝන්දුවීමත් මත උද්ඝෝෂකයෝ විසිර ගියහ.

2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි විරෝධතා