(ඩී. කේ.රත්න )
තණමල්විල ඌව කුඩාඔය තෙලූල්ල ප‍්‍රදේශයේ වැලි තොටුපලකින් කප්පම් ගැනීමට පැමිණි යුද හමුදා සෙබළුන් යැයි පැවසෙන දෙදෙනෙකු ආයුධ රැසක් සමඟ අද (25) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
වීරවිල ප‍්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනුයුක්තව සේවයේ යෙදී සිටින වයස අවුරුදු තිස් දෙකක යුද හමුදා කපිතාන්වරයෙකු සහ එම කදවුරේම සේවයේ යෙදී සිටින වයස අවුරුදු 32 ක ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් ළග තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් , නොම්බර් දොලහ පතරොම් තුවක්කු එකක් , නොම්බර දොලහ ජීව උණ්ඩ එකක් , ටී පනස් හය ජීව උණ්ඩ හතලිස් අටක් , සුදු යකඩ පිහියක් , යුධ හමුදා ඇදුම් කට්ටල දහසයක්ද ඔවුන් පැමිණි මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයින් හා අවි ආයුධ වැඩිදුර පරීක්ෂණ සදහා කුඩාඔය පොලීසියට බාරදී ඇත.
කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප‍්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ පවත්වති. අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයින් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd