(සුමතිපාල දීයගහගේ )
ගාල්ල කොළඹ මහා මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේදී ත්‍රි රෝද රථයක් ලංගම බස් රථයක් සමඟ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ එක් අයෙකු මිය ගොස් රියදුරු සමඟ තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිගම පැනෑටියන වේරගංතලාව පදිංචිව සිටි මැණික්පුරගේ ජයලාල් නැමැති 33 හැවිරිදි අයෙකි.
ගාල්ල දෙස සිට පැමිණි ලංගම බස් රථය ත්‍රී රෝද රථය සමඟ මුහුණට මුහුණ හැපීමෙන් පසු ත්‍රි රෝද රථයේ රියදුරු සහ එහි පසුපස ගමන් කළ දෙදෙනෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd