(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගල්කිස්ස හා මොරටුව පොලිස් වසම් වලට අයත් නිවාස හා නේවාසිකාගාර වලට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේදී අතුළු වී රුපියල් ලක්ෂ විස්සක පමණ දේපල හොරා ගෙන විකුණා හොරොයින් මත්කුඩු පානය සඳහා මුදල් වැය කළ පුද්ගලයකු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
මෙම පුද්ගලයා එලෙස සොරා ගත් ජංගම දුරකතන පනහකට අධික ප්‍රමාණයක් , පවුම් දහයකට අධික රන් භාණ්ඩ,විදුලි උපකරණ,ටැබ් යන්ත්‍ර සහ ඩී.වී.ඩී යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.
ඉකුත් නොවැම්බර් මස ආරම්භයේ සිය මේ දක්වා ගල්කිස්ස හා මොරටුව ප්‍රදේශවල දිවා රාත්‍රී කාලවල නේවාසිකාගාර හා නිවාස වලට ඇතුළු වී ජංගම දුරකතන රන් භාණ්ඩ ඇතුළු දේපල රැසක් සොරා ගෙන යාම සම්බන්ධයෙන් ගල්කිස්ස හා මොරටුව පොලිස් ස්ථාන වල නිලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටියදී ලද තොරතුරක් අනුව සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 20 භාණ්ඩ සොරාගත් අයෙක් අත්අඩංගුවට