(රංජිත් කරුණාවීර)
රත්නඇල්ල, පතෝලකොටුව, ඇල්දම්පෝරුව, දඹලවැල්ගාල, අක්කර කොළනිය යන ගම්මාන වෙත පිවිසීම සඳහා භාවිත කරන ලද මහඅස්වැද්දුම පාලම කඩාවැටීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
හසලක මහඅස්වැද්දුම ශ්‍රී ධම්මානන්ද මාවතට පිවිසෙන, මිනිපේ යෝධ ඇළ හරහා ඉදිකර තිබූ මෙම පාලමේ පැති බැම්මක් පෙරළී යාම හේතුවෙන් පාලම කඩා වැටී තිබේ.
ලංකාවේ දියඇළිවලින් උසින් 6 වන ස්ථානය හිමිකර ගන්නා රත්න ඇල්ල වෙත පිවිසීමට ඇති කෙටිම මාර්ගය මෙයවීම හේතුවෙන් එය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද අපහසුතාවයට පත්ව ඇත.
පාලම කැඩීයාම හේතුවෙන් ජනතාවට ඇළ දක්වා ගොස් එතැනින් වට රවුමක් ගමන් කිරීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
පාලම වහා පිළිසකර කර දෙන්නැයි ප්‍රදේශවාසිහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd