IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහඅස්වැද්දුම පාලම කඩාවැටීමෙන් ජනතාව අමාරුවේ

(රංජිත් කරුණාවීර)
 
රත්නඇල්ල, පතෝලකොටුව, ඇල්දම්පෝරුව, දඹලවැල්ගාල, අක්කර කොළනිය යන ගම්මාන වෙත පිවිසීම සඳහා භාවිත කරන ලද මහඅස්වැද්දුම පාලම කඩාවැටීම හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇතැයි  ප්‍රදේශවාසීහු පවසති.
 
හසලක මහඅස්වැද්දුම ශ්‍රී ධම්මානන්ද මාවතට පිවිසෙන, මිනිපේ යෝධ ඇළ හරහා ඉදිකර තිබූ මෙම පාලමේ පැති බැම්මක් පෙරළී යාම හේතුවෙන් පාලම කඩා වැටී තිබේ.
 
ලංකාවේ දියඇළිවලින් උසින් 6 වන ස්ථානය හිමිකර ගන්නා රත්න ඇල්ල වෙත පිවිසීමට ඇති කෙටිම මාර්ගය මෙයවීම හේතුවෙන් එය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද අපහසුතාවයට පත්ව ඇත.
 
පාලම කැඩීයාම හේතුවෙන් ජනතාවට ඇළ දක්වා ගොස් එතැනින් වට රවුමක් ගමන් කිරීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
 
පාලම වහා පිළිසකර කර දෙන්නැයි ප්‍රදේශවාසිහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 



අදහස් (0)

මහඅස්වැද්දුම පාලම කඩාවැටීමෙන් ජනතාව අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site