IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගින්නකින් කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම විනාශයි

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                             
 
කුලියාපිටිය කරගහගෙදර පිහිටි ප‍්‍රධාන පෙලේ කොහු කර්මාන්ත ශාලාවක මහා පරිමානයෙන් කොහු පිරවූ එක් කොටසක් අද (27)  හදිසියේ ඇතිවූ ගින්නකින් මුලූමනින්ම ගිනිබත් වු  තිබූ අතර එම ගොඩනැගිල්ල ඇතුළත තිබූ විශාල ප‍්‍රමාණයේ ලොරි රථයක්ද  ගින්නට හසු වී විනාශ වී තිබේ.
 

තේ විවේකයේදී සේවකයින් සියලූම දෙනා ආපන ශාලාවේ තේ පැන් පානයකරමින් සිටියදී හදිසියේ ඇතිවතිබූ ගින්න කර්මාන්ත ශාලාවේ සවිකොට තිබූ සයිරන් නලා නාද වීමත් සමගින් එම ස්ථානයට සියලූම සේවකයින් පැමිණියත් ඒ වනවිටත් තදබල ලෙස ගින්න පැතිරයාම හේතුවෙන් ගින්න නිවාදැමීමට සේවක එකමුතුවට හැකියාව ලැබී නොමැත.
 

ගින්න හේතුවෙන් සෙස්වකයින්ට බරපතල හානි වාර්තා නොවූවත් සුලූ තුවාල ලැබූවන් හා අධික රශ්මිය දරාගත නොහැකිව යම් යම් ආසාද්මික තාවයන්ට ගෙදුරුවූවන් කිහිපදෙනෙකු කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි.

ගින්න ඇතිවී පැයක පමණ කාලයකින් කුරුණෑගල මහ නගරසභාවේ ගිනි නිවන එකකය පැමිණ ගින්න අනෙකුත් ගොඩනැගිළි වලට පැතිරයාම වලක්වන්නට කටයුතු කළ අතර ඊට සුලූ වේලාවකට පසුව හලාවත නගරසභාවේ ගිනි නිවන ඒකකයද කැඳවා තිබිණි.
 කර්මාන්තශාලාවේ ඇතිවූ ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති බවද එහි උසස් නිළධාරියෙකු පැවසීය.


 



අදහස් (0)

ගින්නකින් කර්මාන්ත ශාලාවක් මුළුමනින්ම විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site