IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල්ලස් ගත්තැයි අගුණුකොළපැලැස්ස වලවේ කළමනාකරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
අගුණුකොළපැලැස්ස -වලවේ- මහවැලි ඒකක කළමනාකරු සිය  නිල කාමරය තුළදී පුද්ගලයකුගෙන් රුපියල් 5,000ක අල්ලස් මුදලක් ලබාගනිද්දී අද(26) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
 
බරවකුඹුර ප්‍රදේශයේ බලපත්‍ර සහිත ඉඩමක් කාන්තාවක් මිලදී ගෙන තිබී ඇති අතර එම ඉඩම ඇයගේ නමට පැවරීම සඳහා සැකකාර මහවැලි ඒකක කළමනාකරු රුපියල් 15,000ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
 
ඒ පිළිබඳ එම කාන්තාවගේ සැමියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු ඉල්ලන ලද මුදලින් රුපියල් 5,000ක මුදලක් ඔහුගේ කාර්යාලය තුළදී ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකාර කළමනාකරු අගුණුකොළපැලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අල්ලස් ගත්තැයි අගුණුකොළපැලැස්ස වලවේ කළමනාකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site