(කාංචන කුමාර ආරියදාස)
දේවහුව ජලාශයේ සොරොව්ව කැඩීයාම හේතුවෙන් මාස ගණනාවක් පුරා වැවේ ජලය විශාල වශයෙන් අපතේ යන බවත් ලබන කන්නයේදී ගොවීන්ට ජල හිඟයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් දේවහුව ගොවි සංවිධාන පෙන්වා දෙයි.
මාතලේ දිස්ත්‍රික්කයත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් මායිම්ව මාතලේ දිස්ත්‍රික් පරිපාලනය යටතේ ඇති දේවහුව ජලාශය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.
දේවහුව ජලාශයේ සොරොව්ව අබලන් වී මාස කිහිපයක් ගත වී ඇති බවත් දිනකට අක්කර අඩි 25ක පමණ ජල ධාරිතාවක් ඉන් පිටව යන බවත් වාරිමාර්ග නිලධාරීන්ට දැනුම් දුන්න ද මෙතෙක් ඊට විසඳුමක් ලැබී නැතැයි ඔවුහු චෝදනා කරති.
මේ වන විට දේවහුව ජලාශය යටතේ වගා කෙරුණු කුඹුරුවල වී අස්වැන්න නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් ඉදිරියේදී ගොවීන්ට වගා කිරීමට ජලය අහිමි වීම තුළින් බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇති බවත් ගොවීහු පවසති.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දඹුල්ල කාර්යාලයේ වාරිමාර්ග ඉංජිනේරු ආර්. පී. වීරසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ සොරොව්වේ වතුර පිටවීමක් පවතින බවය. එය අලුත්වැඩියා කිරීමට නම් ජලාශයේ ජලය අඩු කළ යුතු බව ද කුඹුරු වගා සඳහා ජලය නිකුත් කළ නිසා එය කළ නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දේවහූව ජලාශයේ සොරොව්ව කැඩීයාමෙන් ගොවීන් අනතුරේ