මුවගල රක්ෂිතයේ ඉදිකිරීම් නවතී මාතලේ මුවගල කන්දේ ජල මුලාශ්‍රයට සහ රක්ෂිතයට හානි වන අන්දමින් ඉදිකෙරෙන හෝටලයේ ඉදිකිරීම් වහාම අත්හිටුවීමට මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා නියෝග කර තිබේ. 05 March 2019
පිහි ඇණුමකින් පොලිස් කොස්තාපල් රෝහලේ කඩුගන්නාව පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් තිදෙනෙක් අපරාද කිහිපයකට අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම සැකකරු කඩුගන්නාව දන්තුරේ මාර්ගයේ කැටපිටිය ප්‍රදේශයේදී එක් පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇණ පලාගොස් ඇති බව පොලිසිය පවසයි. 04 March 2019
පෙට්‍රල් බෝම්බයකින් පහරදී පුද්ගලයෙකුට බරපතලයි පෙට්‍රල් බෝම්බයකින් පහරදී පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් අද (04) දී අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. 04 March 2019
විදින තුවක්කුවකින් මසුන් මැරූ තිදෙනෙකුට ඇප විදින තුවක්කුවකින් මසුන් මරමින් සිටියදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විදේශිකයෙකු සහ ලාංකිකයින් තිදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (04) නියෝග කළේය. 04 March 2019
නීතිවිරෝධීව මසුන් ඇල්ලූ විදේශිකයෙක් අත්අඩංගුවට රූමස්සල, කඳු පාමුල වෙරළ තීරයේ දී ස්පියර් ගන් උපකරණයක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයකු අද (4) දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 March 2019
නිතිවිරෝධිව වෙනිවැල්ගැට ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට නිතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල් ගැට තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ජිප් රථයක් සමඟ පුද්ගලයකු අද (4) දහවල් ඇහැලකන්ද දී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි. 04 March 2019
නිතිවිරෝධිව වෙනිවැල්ගැට ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට නිතිවිරෝධි ලෙස බලපත්‍රයක් නොමැතිව වෙනිවැල් ගැට තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ජිප් රථයක් සමඟ පුද්ගලයකු අද (4) දහවල් ඇහැලකන්ද දී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි. 04 March 2019
ඉබ්බෙකු මස් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට හලාවත මානුවන්ගම ප්‍රදේශයේ දි ගල් ඉබ්බෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු එම ඉබි මස් සමග අද ( 4 ) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 04 March 2019
රත්ගම අත්බෝම්බ ප්‍රහාරයක් රත්ගම බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවෙස් හිමියකුට පිරිසක් පහර දී අද (4) අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 04 March 2019
ගම් උදාව 173 වන ගම්මානය ජනතා අයිතියට සැමට සෙවන ගම් උදාව 173 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (03) ජනතා අයිතියට පත් කෙරිණි. 03 March 2019
දෙදරු පියෙක් අභිරහස් ලෙස මියයයි ගල්කිරියාගම බංඩාරපොතාන ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගිය පුද්ගයකුගේ මළ සිරුරක් අද (03) ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. 03 March 2019
දුම්වැටි 1860ක් සමඟ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට දෙහිවල හිල්වීදියේ නිවසක සඟවා තිබූ විදේශීය දුම්වැටි 1860ක් සමඟ මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව දෙහිල පොලිසිය කියයි. 03 March 2019
ජලය නොදුන්නැයි ගම් හතක වැසියෝ වීදි බසිති මක්කානිගම, ගල්පිහිල්ල, ඊරියගස්තැන්න, යකඩකුඹුරුවෙල, ඉහළගම, මෙරායා සහ පුදුඩුවැල්ල යන ගම්මාන හතක ගම්වාසීහු පිරිසක් අද(03) මක්කානිම හන්දියේදී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 03 March 2019
වෛද්‍යවරුන්ගේ වාහන අවසරපත් බදුල්ලේදී හොරට යොදාගනී බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් නොවන 200 ක පමණ පිරිසක් වෛද්‍යවරුන්ට වාහන සඳහා ලබාදී ඇති අවසර බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර රිය පදවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 03 March 2019
ලක්ෂ 28 කට අධික මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට රුපියල් 2,860,000 අධික මුදලක් වංචා කොට සැඟව සිටි පෞද්ගලික සමූහ ව්‍යාපාරයක වෙළඳ නියෝජිතයින් දෙදෙනෙකු වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 03 March 2019
ඉත්තෑවකු මරා මස්කළ දෙදෙනකුට 120,000ක දඩයක් ආරච්චිකට්ටුව මානවේරිය රක්ෂිත වනයේ ඉත්තෑවෙකු මරා මස්කළ පුද්ගලයින් දෙදෙනෙකුට හලාවත මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා විසින් එක් අයෙකුට රුපියල් 60,000 බැගින් 120,000කදඩමුදලක් ගෙවීමට නියෝග කරන ලදී. 03 March 2019
පොලිස් නිලධාරීන්ට බැණ වැදුණු පිය පුතු දෙදෙනා අත්අඩංගුවට බේරුවල නගරයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී කලහකාරී ලෙස හැසිරුණු බව කියන පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 03 March 2019
අධිවේගයට පස්කැපීමට එරෙහිව විරෝධය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා මීරිගම පොලිස් වසමේ දංඕවිට නැව්ගල ප්‍රදේශයේ කලුකන්දට පහළින් පිහිටි ඉඩමක පස් කැපීමට එරෙහිව කලුකන්ද ප්‍රදේශවාසීහු අද(03) තෙවැනි වරටත් විරෝධතාවයක නිරතවූහ. 03 March 2019
බලන්ගොඩ දම්පිටිය රක්ෂිතයේ මිනිස් අස්ථි බලන්ගොඩ දම්පිටිය රක්ෂිතයේ තිබී පුද්ගලයකුගේ අස්ථි කොටස් කිහිපයක් අද (03) සොයා ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 03 March 2019
දකුණු පළාතට ගුරුවරු 5000ක් බඳවා ගැනීමට සැරසේ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අදියර හතරක් යටතේ ගුරුවරුන් 5000ක් බඳවා ගැනීමට සැලසුම්කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි. 03 March 2019
නාඋල - වෑකන්දෙයාය පාලම ප්‍රතිසංස්කරණය කෙරේ රුපියල් 500,000 ක වියදමින් ඉදිකරන ලද නාඋල - වෑකන්ද යාය මාර්ගයේ පාළම දෙපස කොන්ක්‍රිට් යොදා අළුත්වැඩියා කර ජනතා අයිතියට අද (03) පත්කෙරිණි. 03 March 2019
පොලිස් නිල ඇඳුමින් පැමිණ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ලකාලා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමින් සැරසී ගිනි අවි සහ තියුණු ආයුධ අතැතිව පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගේ අත් පා ගැට ගසා නිවසේ කාමරයක් තුළ සිර කර මුදල් හා රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 03 March 2019
අ’පුර කුඹුරු අක්කර 2000ක් කීඩෑ උවදුරෙන් විනාශයි අනුරාධපුර තුරුවිල සහ නාච්චාදුව යන ප්‍රදේශවල වගා කළ කුඹුරු අක්කර 2000කට අධික ගොයම කීඩෑවන් විසින් විනාශ කිරීම නිසා මෙවර මහ කන්නයේ බලාපොරොත්තු වූ වී අස්වැන්න අහිමි වී ඇතැයි ගොවීහු පවසති. 03 March 2019
බස්රථවල කලු කණ්ණාඩි, ස්ටිකර්, රෙදි ඉවත් කිරීමේ වැඩසටහනක් සිසුසැරිය හා පෞද්ගලික බස්රථවල කලුපැහැ කණ්ණාඩි, විවිධ ස්ටිකර් සහ තිරරෙදි සතියක් ඇතුළත වහා ඉවත්කරගන්නා ලෙස දැනුම්වත්කිරීමේ වැඩසටහනක් මෙම සතියේදී ක්‍රියාත්මක කරන බව වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 03 March 2019
මාර්ගය පිළිසකර කරදෙන්නැයි සරණසිරිගමවැසියෝ උද්ඝෝෂණයේ පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම ගම්මානයේ වැසියෝ පිරිසක් අද (03) පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ පාසල් හන්දියේදී උද්ඝෝෂණයක නිරත වූහ. 03 March 2019
තෙලිප්පලෙයි මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 35 ක වියදමින් ඉදිකෙරුණු සංවර්ධන වැඩසටහන් කිහිපයක් තෙලිප්පලෙයි මූලික රෝහලේදී ජනතා අයිතියට පත්කෙරිණි. 03 March 2019
දුම්රියේ ගැටී අයෙක් මරුට දෙවට කටුගොඩ දුම්රිය ස්ථානය අසළදී පුද්ගලයකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 03 March 2019
පිදුරුතලාගල රක්ෂිතයේ නිදන් හෑරීමට ගිය 3 ක් අත්අඩංගුවට පිදුරුතලාගල රක්ෂිතයේ නැගෙනහිර පාමුල කෝට්ලොජ් වතුයායට ඉහළ රක්ෂිතය තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් තිදෙනකු කදපොල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 03 March 2019
පුද්ගල මළසිරුරක් කවටයාවැවෙන් සොයාගනියි කලාවැව කවටයාවැව ප්‍රදේශයේ තිබී දියේ ගිලී මියගිය බවට සැකකෙරෙන පුද්ගල මළසිරුරක් ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණ. ඒ සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ කටයුතු අද (02) පෙරවරුවේ ආරම්භ කර තිබිණි. 02 March 2019
පිළිස්සූ කාන්තා මළසිරුරක් හමුවේ අභිරහස් ලෙසින් ඝාතනය කර අඩක් පමණ පුළුස්සා මුගුණුවටවන පරප්පන්මුල්ල වැවෙහි දමා තිබු කාන්තා මෘත ශරීරයක් අද (02) පස්වරු 3.30 ට පමණ හමුවු බව හලාවත පොලිසිය කියයි. 02 March 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025