IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 28 කට අධික මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(රොමේෂ් මධුෂංඛ)
 
රුපියල් 2,860,000 අධික මුදලක් වංචා කොට සැඟව සිටි පෞද්ගලික සමූහ ව්‍යාපාරයක වෙළඳ නියෝජිතයින් දෙදෙනෙකු වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
කොළඹ පිහිටි පෞද්ගලික සමූහ ව්‍යාපාරයකට අයත් වෙළඳ භාණ්ඩ වව්නියාවේ පිහිටි වෙළඳසැල් වෙත බෙදාහැර ඒ සඳහා දුන් මුදල් ව්‍යාපාර ආයතනයට නොදී සිටි පුද්ගයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
එම සමූහ ව්‍යපාරය විසින් වව්නියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයට කළ දැනුම්දීමකට අනුව එහි නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා වව්නියාව තවසිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.



අදහස් (0)

ලක්ෂ 28 කට අධික මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site