(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
අභිරහස් ලෙසින් ඝාතනය කර අඩක් පමණ පුළුස්සා මුගුණුවටවන පරප්පන්මුල්ල වැවෙහි දමා තිබු කාන්තා මෘත ශරීරයක් අද (02) පස්වරු 3.30 ට පමණ හමුවු බව හලාවත පොලිසිය කියයි.
හදිසියේ ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරින් වැව වෙත ගිය අවස්ථාවේදී මෙම මෘත ශරීරය හමුවු බව කියයි. මෙතෙක් කිසිවකු විසින් හඳුනාගෙන නැති අතර ඝාතනය වු තැනැත්තිය මෙම ප්‍රදේශයේ දැක පුරුදු කෙනෙකු නොවිය හැකි බවත්, කිසිවකු විසින් අද (2) අලුයම මෙම වැවට ගෙනැවිත් පුළුස්සා ඇති බවත්, ඝාතනය කර ඇත්තේ කුමන ආකාරයට දැයි පැවසීමට නොහැකි බවත්ය. අඩි 4 1/2ක් පමණ උස සිරුරක් හිමි මියගිය තැනැත්තිය සල්වාරි ඇඳුමකින් සැරසි සිටි බව පෙනෙන බවත් කියයි. සුදු කලිසමකින් හා සුදු පැහැති රෙද්දේ රතු මල් සහිත සල්වාර් සමිසයකින් ඇය හැඳ ඇති අතර ක්‍රීම් රෝස පැහැති නිය ආලේපන ඇගේ අත්වල නිය මත ආලේප කර තිබු බවත් පවසයි.
ඇගේ සිරුරේ උඩු කොටසට යම් ඉන්ධන වර්ගයක් හලා ගිනි තබා ඇති අතර මුහුණ, හිස සහ පපුව හඳුනාගත නොහැකි ලෙසින් පිළිස්සී ඇති බවත් කියයි. ඇඳුම්වල නොපිළිස්සුන කොටස් දැක ගත හැකිව ඇති බවත් කියයි.
සිරුර මහේස්ත්‍රාත් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසු සිරුර හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙන යාමට කටයුතු යොදා ඇති බවත් කියයි.
මෙම ඝාතනය පිළිබඳව කිසිඳු තොරතුරක්මේ වනවිටත් හමු වී නැත.
හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.


2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළිස්සූ කාන්තා මළසිරුරක් හමුවේ