(ජේ.කේ.එල්.චාමින්ද)
රූමස්සල, කඳු පාමුල වෙරළ තීරයේ දී ස්පියර් ගන් උපකරණයක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයකු අද (4) දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී ඔහු සතුව තිබූ ස්පියර් ගන් උපකරණය හා අල්ලන ලද මසුන් නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙම විදේශිකයා අවුරුදු 53 ක පමණ වියැති යුක්රේන් ජාතිකයකු බව පරික්ෂණවලදි අනාවරණය විය.
අත්අඩංගුවට පත් විදේශීය ජාතිකයා, ස්පියර්ගන් උපකරණය සහ අල්ලන ලද මසුන් ඉදිරි කටයුතු සඳහා ගාල්ල, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත බාර දීමට කටයුතු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd