IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙට්‍රල් බෝම්බයකින් පහරදී පුද්ගලයෙකුට බරපතලයි

(ජේ.කේ.එල්.චාමින්ද)

පෙට්‍රල් බෝම්බයකින් පහරදී පුද්ගලයකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් අද (04) දී අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

ගාල්ල මහමෝදර  ප්‍රදේශයේ පිහිටි  තම ඉඩමේ මායිමේ තාප්පයක් ඉදිකිරීම සඳහා සූදානම් කරමින් සිටියදී  ඉඩම් ආරවුලක් මත මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය  එල්ලවී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුගේ බිරිඳ ගෙනවිත් දී තිබූ බෑගයේ තිබි පෙට්‍රල් බොම්බය රැගෙන  ගසා ඇති බවද පොලිසිය පවසයි.

පෙට්‍රල් බෝම්බය සඳහා  මහමෝදර ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හලකින් ලබාගෙන ඇති බව  අනාවරණය වී ඇති අතර ඉතිරි පෙට්‍රල් මෙකි අඹු සැමි යුවළගේ නිවසේ තිබි සොයාගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 62 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. 

මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ  ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි. පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ   තුවාලකරුගේ සිරුරට ගිනි ඇවිලී ඇති බවද පැවසේ.



අදහස් (0)

පෙට්‍රල් බෝම්බයකින් පහරදී පුද්ගලයෙකුට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site