IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස් නිල ඇඳුමින් පැමිණ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ලකාලා


( කේ. බුද්ධික කුමාරසිරි )
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමින් සැරසී ගිනි අවි සහ තියුණු ආයුධ අතැතිව පැමිණි  පුද්ගලයින් පස් දෙනෙකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගේ අත් පා ගැට ගසා නිවසේ කාමරයක් තුළ සිර කර මුදල් හා රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
 
එම ව්‍යාපාරිකයා මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පිහිටි තම නිවසට ඇතුළුවනවිට සුපිරි මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිස ව්‍යාපාරිකයා සතුව ගිනි අවි ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒවා ලබා දෙන ලෙස පවසා නිවස තුළට ගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
 
ව්‍යාපාරිකයාගේ ගෙල බැඳි ලක්ෂ 4 ක් පමණ වටිනා මාලයක්  අත් පළඳනාව සහ කමිස සාක්කුවේ තිබූ රුපියල් 100,000 මුදලක් ද රැගෙන පලා ගොස් ඇත.
 
ව්‍යාපාරිකයා සමග පැමිණි ඥාති පුත්‍රයකුද, එහි පැමිණි ඔහුගේ මිත්‍ර ව්‍යාපාරිකයකුද අත් පා බැඳ දමා කාමරයක සිර කර ඇත.
 
නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියෙහි මෙහෙයුම් පද්ධතිය ද ගලවා ගෙන  ගොස් ඇතක. 
 
 
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මීගොඩ පොලිසිය පවසයි.

 



අදහස් (0)

පොලිස් නිල ඇඳුමින් පැමිණ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ලකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site