( කේ. බුද්ධික කුමාරසිරි )
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමින් සැරසී ගිනි අවි සහ තියුණු ආයුධ අතැතිව පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුගේ අත් පා ගැට ගසා නිවසේ කාමරයක් තුළ සිර කර මුදල් හා රන් ආභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
එම ව්‍යාපාරිකයා මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේ පිහිටි තම නිවසට ඇතුළුවනවිට සුපිරි මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පිරිස ව්‍යාපාරිකයා සතුව ගිනි අවි ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒවා ලබා දෙන ලෙස පවසා නිවස තුළට ගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
ව්‍යාපාරිකයාගේ ගෙල බැඳි ලක්ෂ 4 ක් පමණ වටිනා මාලයක් අත් පළඳනාව සහ කමිස සාක්කුවේ තිබූ රුපියල් 100,000 මුදලක් ද රැගෙන පලා ගොස් ඇත.
ව්‍යාපාරිකයා සමග පැමිණි ඥාති පුත්‍රයකුද, එහි පැමිණි ඔහුගේ මිත්‍ර ව්‍යාපාරිකයකුද අත් පා බැඳ දමා කාමරයක සිර කර ඇත.
නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියෙහි මෙහෙයුම් පද්ධතිය ද ගලවා ගෙන ගොස් ඇතක.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මීගොඩ පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd