(එෆ්. අස්ලම්)
බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් නොවන 200 ක පමණ පිරිසක් වෛද්‍යවරුන්ට වාහන සඳහා ලබාදී ඇති අවසර බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කර රිය පදවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
වෛද්‍යවරුන් නොවන රෝහල්වල සේවය කරන පුද්ගලයින් බොහෝ පිරිසක් පෞද්ගලික පරිගණක සැකසුම් ආයතනවලින් වෛද්‍ය වාහන අවසර පත්‍ර ව්‍යාජ ලෙස ලෙස නිර්මාණය කරගනිමින් තම වාහනවල අල්වාගෙන ඇතැයිද ඔහු පැවසීය.
මේ පිළිබද බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දීමටත් පළාතේ පොලිස් ප්‍රධානීන් හා සෞඛ්‍ය බලධාරීන් හමුවී මේ ගැන සාකච්ඡා කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
වෛද්‍යවරුන් මුවාවෙන් ව්‍යාජ ලෙස වාහන අවසර පත්‍ර නිර්මාණය කරගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් කඩිනම් පියවර ගතයුතු බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්,මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි බරපතල අපරාධයන්ද මෙමගින් සිදුවිය හැකි බවත් මේ සම්බන්ධයෙන් පොලිසියද විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නම, වෘත්තීය, රෝහල සදහන් කර අදාල රෝහලෙන් නිකුත් කරන ඒවා හැර ඉතිරි ඒවා සියල්ල හොර ඒවා තමයි. වෛද්‍යවරුන්ට රෝහලෙන් ලබා දෙන එක භාවිතයෙන් තොරව ඔවුන් භාවිතා කරන එකද හොර එකක් ලෙස හැදින්විය හැක .......
බදුල්ලෙ විතරක් නෙවෙයි දැන් ලංකාව පුරාම මේ වගේ හොර ඒවා පාවිච්චි කරනවා. මේ හේතුව නිසා දැන් හදිසියකදි උනත් පොලිස් මහත්වරුන් හැඳුනුම්පත පරීක්ෂා කරන්න පෙළඹිලා තියනවා. මේ ව්‍යාජ සියල්ල ඉවත් කළ යුතුයි.
එයාලගේ ඒවත් හොර ඒවා තමයි රෝහල් සේවකයෝ ඔක්කොම එකයි පාරේ යනකොට.