(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 35 ක වියදමින් ඉදිකෙරුණු සංවර්ධන වැඩසටහන් කිහිපයක් තෙලිප්පලෙයි මූලික රෝහලේදී ජනතා අයිතියට පත්කෙරිණි.
ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝතී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන වැඩසටහන් විවෘත කිරීම සිදු කෙරිණි.
රුපියල් මිලියන 25 ක වියදමින් ඉදිකරන ලද හදිසි විදුලි බිදවැටීම් ප්‍රතිපූරක ඒකකයක්, රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රුපියල් මිලියන 07 ක වියදමින් ඉදිකරන ලද නල පද්ධතිය සමග ඔක්සිජන් බෙදාහැරීමේ ඒකකය, රුපියල් මිලියන 03 ක වියදමින් ඉදිකරන ලද හදිසි වෛද්‍ය ඇමතුම් ඒකකයද මෙහිදී විවෘත කරනු ලැබිණි.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම්, වෛද්‍ය අධිකාරී වයි. තිවාකර් යන මහත්වරු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ.




2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙලිප්පලෙයි මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට