බස් - ත්‍රිරෝද රථ අනතුරින් විදේශිකයකුට තුවාල බණ්ඩාරවෙල මකුල්ඇල්ල ප්‍රධාන මාර්ගයේ මකුල්ඇල්ල වනසිරිගම ප්‍රදේශයේදී විදේශිකයෙකු ධාවනය කළ ත්‍රීරෝද රථයක් සහ ලංගම බස් රථයක් අද (9) හවස මුහුණට මුහුණලා ගැටීමෙන් ප්‍රංශ ජාතිකයෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 09 March 2019
වෙනත් පක්ෂයක වලිගයක් වෙන්න අපි සූදානම් නෑ ‘‘වෙනත් පක්ෂයක වලිගයක් වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නෑ. පක්ෂයේ අනන්‍යතාවය තබාගෙන මැතිවරණ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු විය යුතු බවට පක්ෂය තුළ මතයක් තිබෙනවා. 09 March 2019
අධිවේගී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් ගිනිගනියි දක්ෂින අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමේදී අද (09) දහවල් 12 ට පමණ ලොරි රථයක් ගිනි ගනු ලැබීය. 09 March 2019
විදුලිසැර වැදී එක් දරු පියෙකු මරුට මඩකලපුව කාත්තන්කුඩි පොලිස් කොට්ඨාශයේ නව කාත්තාන්කුඩි ප්‍රදේශයෙහි විදුලි සැර වැදී එක් දරු පියෙකු අද (09) ජිවිතක්ෂයට පත්වූ බව කාත්තන්කුඩි පොලිසිය පවසයි. 09 March 2019
නිවසේ නිදාසිටි අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තියයි මාවනැල්ල දනාගම ප්‍රදේශයේ නිවසක් තූල අද (09) සිදුකළ වෙඩි තැබීමකින් 37 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි 09 March 2019
මත්කුඩු සහ කේරළ ගංජා සමග ජේලර්වරයෙකු අල්ලයි අනුරාධපුර බන්ධනාගාරයේ රැඳෙවියන් හට අළෙවි කිරිම සදහා රැගෙනවිත් තිබු මත්කුඩු සහ කේරළ ගංජා සමග ජේලර්වරයෙකු ඊයේ (08) රාත්‍රි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 09 March 2019
අධික වේගයෙන් ධාවනය වු ජීප් රථයක් පෙරැලී 4කට තුවාල බිබිල අම්පාර මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වු බව කියන නවීන පන්නයේ මොන්ටේරෝ රථයක් අද (09) රතුගල මාකඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් රථයට දැඩිහානි සිදුව එහි ගමන්ගත් 4 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. 09 March 2019
නීතිවිරෝධීව වැලි ජාවාරම් කළ තිදෙනෙක් අත්අඩංගුවට මීගමුව කොච්චිකඩේ ගඟේ නීතිවිරෝධී වැලි ජාවාරමක් කළ සැකකරුවන් තිදෙනෙකු ඇතුළු දේපල අද (8) අත්අඩංගුවට ගනු ලැබු බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි. 08 March 2019
පොළොන්නරුවේ කාන්තාවෝ උද්ඝෝෂණයක ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකිව පීඩා විදින පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ සංවිධාන එකමුතුව විසින් අද (8) හිඟුරක්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ. 08 March 2019
මුව මස් ළග තබාගත් අයකුට 20,000ක දඩයක් තිස්සමහාරාම සිතුල්පව්ව මාර්ගයේ අලිවල ප්‍රදේශයේදී මුව මස් කිලෝ එකක් සමඟ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද(08) නියෝග කළාය. 08 March 2019
ලක්ෂයක කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පයාගල මස්සලදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 100,000ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 08 March 2019
බීඩී කොළ කිලෝ 323 ක් පේසාලෙන් සොයාගනී උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබල මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. 08 March 2019
කාන්තාවක් මුහුදේ ගිලී මරුට හලාවත මුහුදු වෙරළෙහි රළ පාගමින් සිටි බව කියන කාන්තාවක් අද(08) මුහුදු රැළකට හසුව දියේ ගිලී මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි. 08 March 2019
කාන්තාවන් සඳහාම විශේෂ බස් සේවයක් ඇරැඹීමට යයි ඉදිරියේදී සෑම දුම්රියක මෙන්ම කාර්යාල සහ පාසල් වේලාවන්හිදි කාන්තාවන් සඳහාම වෙන්වූ බස් රථ සේවාවන්ද ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (8) වේයන්ගොඩදී පැවසීය. 08 March 2019
දැරියක් අපයෝජනය කළ සීයා අත්අඩංගුවට දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි. 08 March 2019
දරුවකුගේ ශල්‍යකර්මයක් කියා ආධාර එක් කළ 5ක් අත්අඩංගුවට වකුගඩු රෝගී දරුවකුගේ ශල්‍ය කර්මයකට මුදල් ආධාර ලබාදෙන්නැයි ව්‍යාජ ටිකට්පත් මුද්‍රණය කර මුදල් එකතුකරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 08 March 2019
’සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන ඉරිදා එක්සත් ජාතික පක්ෂයේ “සිරිකොත ගමට” සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඉරිදා (10) දවස පුරා කළුතර දිස්ත්‍රික්කයේ දී පැවැත්වෙන බව එජාප මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය. 08 March 2019
ව්‍යාජ අත්සන් යොදා නාම යෝජනා පත් ඉදිරිපත් කළ 2 ක්ට ඇප සීමා සහිත අක්මීමණ විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශික කාරක සභා ඡන්ද විමසිමේදී ප්‍රාදේශික දෙකක් වෙනුවෙන් ව්‍යාජ අත්සන් යොදා නාම යෝජනා පත්‍ර දෙකක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද දෙදෙනෙකු එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (07) නියෝග කළේය. 07 March 2019
පැරණි පිවිසුම් දොරටුව ඉල්ලා හග්ගල උද්ඝෝෂණයක් නුවරඑළිය, හග්ගල මල්වත්තට පිවිසෙන දොරටුව වෙනස් කිරීම විරෝධය දක්වා හග්ගල මල්වත්ත ඉදිරිපිට වෙළෙඳසැල් හිමියෝ පිරිසක් අද (07) හග්ගල මල්වත්තට පිවිසෙන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරතවුහ. 07 March 2019
ත්‍රී රෝද - බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට දොඩංගොඩ නැහින්න හන්දිය අසළදී ත්‍රී රෝද රථයක් හා පාසල් සිසුන් රැගත් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි. 07 March 2019
මාළු වෙළෙන්දාගේ පිහි පහරින් පොලිස් නිලධාරියෙක් රෝහලේ ඇල්ල බල්ලකෙටුවේදී මාලු වෙළදාමේ නියුතු පුද්ගලයකු විසින් එල්ල කළ පිහි පහරක් හේතුවෙන් පොලිස් නිලධාරියකු කැපුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ඇල්ල පොලිසිය කියයි. 07 March 2019
හෙරොයින් විකිණූ අඹුසැමි යුවළ අත්අඩංගුවට මිනුවන්ගොඩ සහ කටුනායක අවට ප්‍රදේශවල තරුණයින්ට කුඩා පැකට් වශයෙන් සකස් කරන ලද හෙරොයින් විකිණීමේ නිරත වූ අඹුසැමි යුවළක් හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 300ක් සමඟ අද(07) පීල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 07 March 2019
අ’පුරේ සරසවි සිසුන් විරෝධතාවයක විශ්ව විද්‍යාල විද්‍යාතන තුළ උසස් අධ්‍යාපන සම අයිතිය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යාතනයේ සිසුන් පිරිසක් අද (7) අනුරාධපුර නගරයේ විරෝධතා පාගමනක සහ උද්ඝෝෂණයක නිරතවුහ. 07 March 2019
සුජීව අමරසේන රුහුණේ උපකුලපති ධූරයට රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස මහාචාර්ය සුජිව අමරසේන මහතා පත්කර තිබේ. 07 March 2019
මහනුවර ත්‍රීරෝද රථ සේවකයෝ විරෝධයක කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටස එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් ත්‍රීරෝද රථ රියැදුරන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් අද (7) මහනුවර මහනගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 07 March 2019
අපනයන බෝග අලුතින් වගා කිරීමට පියවර අපනයන කෘෂි බෝග අලුතින් වගා කිරීමට පියවර ගෙන ඇති බව අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි. 07 March 2019
රිය අනතුරකින් යාචකයෙක් මරුට අනුරාධපුර මාකට් පෙදෙසේදී කැබ් රථයක ගැටීමෙන් තුවාල ලැබූ යාචකයෙකු අද(07) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. 07 March 2019
රිය අනතුරකින් පියා මරුට: මව - දරුවන් රෝහලේ පිලියන්දල කොට්ටාව මාර්ගයේ මාම්පේ ප්‍රදේශයේ මෝටර් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් පියා මිය ගොස්, මව, දියණිය සහ කුඩා දරුවකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිලියන්දල පොලිසිය කියයි. 07 March 2019
ව්‍යාජ අංක තහඩු යෙදූ කැබ් රථ හිමිකරු - රියදුරු අත්අඩංගුවට බණ්ඩාරගම - බොල්ගොඩ ප්‍රදේශයේදී මහවැලි සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස සැකසූ එම වාහනයේ හිමිකරු සහ රියදුරු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථවාහන අංශය කියයි. 07 March 2019
කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කේරල ගංජා තොග වශයෙන් බෙදාහැරීමේ නියුතුව සිටි තරුණයන් දෙදෙනෙකු රුපියල් 2,000,000 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 8ක ප්‍රමාණයක් සමඟ අද(07) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 07 March 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025