රත්රං කොල්ලකරුවන් කොටුවෙයි
මහියංගන පරගම්මන ඉස්ලාම් ගම්මානයේ නිවසක තිබු ලක්ෂ 18ක රත්රං බඩු හා මුදල් පැහැරගෙන පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු 09 දින අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්රශ්න කිරිම් හමුවේ සොරකමට සම්බන්ධ සියලු තොරතුරු පැය 24ක් යෑමට පෙර අනාවරණය කරගත් බවත් සොරකමට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙක්ද, ඊට අනුබල දුන් ඉස්ලාමිය පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව රිදිමාලියද්ද පොලිසිය පැවසීය.