(හාලිඇල- විජේරත්න රත්නායක)
නීතිවිරෝධී ලෙස සිය ගෙවත්තේ ගංජා පැල කිහිපයක් වගාකළ පුද්ගලයෙක් අඩියක් පමණ උස්ව වැඩුණු ගංජා පැල හතක්ද සමඟ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ බදුල්ල ඒකකයේ නිලධාරීන් විසින් අද (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල වේවැස්ස වත්ත කාර්යාල කොටසේ පදිංචි 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
කුලීවැඩ කිරීම සිය ජීවනෝපාය කරගත් සැකකරු අධික ලෙස ගංජා භාවිතයට හුරුවූ අයෙක් බවද ඔහු විසින් සිය ගෙවත්තේ වැඩී තිබූ පුවක් පැල අතර පොලිතීන් පැකට්වල මෙම ගංජා පැල වවා තිබූ බවද පැවසේ.
සැකකරු හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර බදුල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධීව ගංජා වගාකළ අයෙක් අත්අඩංගුවට
amila Monday, 11 March 2019 03:39 AM
එතකොට ඉංගිරියේ හමුදාව දාලා ගංජා හිටවන්නේ කොහොමද?