IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උතුරුමැද ගුරු-විදුහල්පතිවරු 13 වැනි දා අසනීප නිවාඩු

(දයාරත්න ඇඹෝගම)
 
 උතුරුමැද පළාතේ   පාසල්  810 ගුරුවරුන් 15,900 හා විදුහල්පතිවරු  1017 ක් 13 වැනි දින අසනීප නිවාඩු වාර්තා කර සේවය වර්ජනය කිරිමට තීරණය කර ඇතැයි ගුරු සංගම් පවසයි.
 
හෙට (13) දිවයින පුරා පාසල්වල  ගුරු හා විදුහල්පතිවරු අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකිරිමට ගුරු සංගම් ගෙන ඇති  තීරණය  සාර්ථක කර ගැනීම සඳහා  උතුරු මැද පළාතම සුදානමින් සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති  ප්‍රියන්ත  ප්‍රනාන්දු මහතා  පැවසීය. 
 
මෙම ලෙඩ නිවාඩු  දමා  සේවයට වාර්තා  නොකිරීම පිළිබඳව  මාධ්‍ය  දැනුවත් කිරිම  සඳහා අද (11) අනුරාධපුර දී පැවති  මාධ්‍ය  හමුවකදී අදහස්  දැක්වූ  සභාපතිවරයා 
මෙසේ ද  පැවසීය.
 
මේ වන විට ගුරුවරුන් හා විදුහල්පතිවරු  මුහුණ දී ඇති  ගැටලු  සම්බන්ධයෙන්  කරන ලද ඉල්ලීම් වලට  රජය  දිගින් දිගටම  අනුගමනය කරන  නිහඬ ප්‍රතිපත්තියට එරෙහිව  මෙම විරෝධය දක්වා තිබේ.
 
අද වන  විට මුළු  අධ්‍යාපන  ක්ෂෙත්‍රයේ  බරපතළ  ලෙස  කඩා  වැටී තිබෙනවා.මේ තත්වය තුළ ගුරුවරුන්ගේ සේවයේ  ගුණාත්මක භාවය  බිඳ වැටෙමින්  තිබෙනවා. මේ නිසා  දරුවන්ගේ අධ්‍යාපනයට  මේ මගින්  අහිතකර  බලපැම් ඇති වී තිබෙනවා. ගුරු සංගම් විසින්  දිගින් දිගටම  මෙම  ගැටලු  විසදන ලෙස  රජයට  දැනුම්  දුන්නා.ඒත්  විසදුම්  නැහැ. 
 
මේ සඳහා  රජය  කඩිනම්  විසඳුම්  ලබාදීමට  පියවර  නොගතහොත්  මීට වඩා  බරපතල  අරගලයක්  කිරිමට  ගුරු සංගම්  තීරණය කර ඇතැයි ද සභාපතිවරයා  වැඩිදුරටත් පැවසීය. 
 
ලංකා ගුරු සංගමය , ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා  විදුහල්පතිවරුන්ගේ සංගමය, අධ්‍යාපන සෙවකයන්ගේ සංගමය  ඇතුළු  සංගම්  රැසක්   මේ සඳහා  එක්ව  සිටිති.



අදහස් (0)

උතුරුමැද ගුරු-විදුහල්පතිවරු 13 වැනි දා අසනීප නිවාඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site