IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට


(පාලිත ආරියවංශ , ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පත්මසිරි)
 
ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලක් වංචා කළ බවට සැකපිට  පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය  පවසයි.
 
සැකකරු  පුද්ගලික ආයතනයක  ආරක්ෂක නිලධාරියෙක් ලෙස ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ  රාජකාරි කරමින් සිටියදී පළාත් සභා රියදුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව මෙම වංචාව කර ඇති බවට තොරතුරු අනාවරණය  වූ බව පොලිසිය සඳහන් කළේය.
 
අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. 
 
සැකකරු ඌව ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ලිපිශීර්ෂ සහ නිලධාරීන්ගේ  තනතුරුවලට අදාළ  ව්‍යාජ නිල මුද්‍රාද භාවිත කර ඇති බවත් ඌව පළාත් සභාව මගින් පාලනය වන පාසැල්වල මුරකරු, පුස්තකාල සහායක, කම්කරු, රසායනාගාර සේවක යන පත්වීම් ලබාදෙන බවට පත්වීම් ලිපි පවා නිකුත් කර තිබූ බවත් පොලිසිය පවසයි.
 
සැකකරුට මුදල් ලබාදුන් පුද්ගලයන් තිදෙනෙකු විසින් බදුල්ල පොලිසිය  කළ පැමිණිලිවලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. 



අදහස් (0)

රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site