IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නරක් වු අර්තාපල් තොගයක් දඹුල්ලේ ගබඩාවක

(කාංචන කුමාර ආරියදාස)
 
 ආහාරයට නුසුදුසු අර්තාපල් අල තොගයක්  දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථාන පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබියදී දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය මඟින් සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබේ.
 
 දඹුල්ල මහනගර සභාවේ මන්ත්‍රීවරයකු වූ සුජීව ජයසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙම අර්තාපල් අල ගබඩාව සෝදිසියට ලක් කොට තිබේ.
 
 එම අවස්ථාවේ දී විදේශ රටවලින් ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ 5000කට ආසන්න ප්‍රමාණයක්  සොයාගත් බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
කිසිදු ආකාරයකින් මිනිස් පරිභෝජනයට ගැනීමට හෝ හුස්ම ගැනීමට පවා නොහැකි ආකාරයකින් කුණුවී දිය ගලන තත්ත්වයට පත්ව ඇති මෙම අර්තාපල් අල තෝරා වෙළඳපලට අඩු මුදලට විකිනිම  සිදුකරමින් සිටි බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
අර්තාපල් අල ගෙන්වා ඇති බව කියන ව්‍යාපාරිකයා කියා සිටියේ මීට දින දෙකකට කලින් මෙම අර්තාපල් අල ගෙන්වූ බවය. එක වරම අර්තාපල් අල නරක් වූ බව ඔහු නගර සභා සෞඛ්‍ය අංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය. එහෙත් සෞඛ්‍ය අංශ ප්‍රධානි  වෛද්‍ය දයන්ත වීරසේකර මහතා කියාසිටියේ  එම  කරන ප්‍රකාශය කිසිසේත් පිළිගැනීමට නොහැකි බව ය.
 
සිංහල අලුත් අවුරුදු සමය ලං වෙද්දි  විශාල වශයෙන් අර්තාපල් අල මෙරටට ගෙන්වා ගබඩා කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරෙන බවත් මුහුදු මාර්ගයෙන් රැගෙන එන අර්තාපල් කන්ටේනර් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් පසුවෙන අවස්ථාවන්හිදී ඒවා වරාය තුළ ම විනාශ කිරීමට නියමිත බවත් පසුව ඉතා සූක්ෂම ආකාරයෙන් ඉවත් කිරීමට ඇති අර්තාපල් කන්ටේනර් මේ ආකාරයෙන් දඹුල්ලට ගෙනැවිත් තෝරා අලෙවි කිරීම සිදු කෙරෙන බව සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.
 
පසුගියදා  දඹුල්ලට   පැමිණි   මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ගොවීන් හමුවී කියා සිටියේ ලොකු ලූනු සහ අර්තාපල් අල මෙරටට ගෙන්වීමේ දී මත්ද්‍රව්‍ය විශාල වශයෙන් රැගෙන එන බවය.
මෙසේ අත්අඩංගුවට ගත් අර්තාපල් අල තොගය දඹුල්ල දිගම්පතන රජයේ රක්ෂිතයට ගෙන ගොස් විනාශ කර දැමීමට උපදෙස් ලබාදුන් බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවැසීය. 
 
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල  ළඟ තබා ගැනීම ගබඩා කිරීම විකිණීම ආදී චෝදනා යටතේ මෙම ව්‍යාපාරිකයාට නඩු පවරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.
 


 



අදහස් (0)

නරක් වු අර්තාපල් තොගයක් දඹුල්ලේ ගබඩාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site