(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල බටදූව පෞද්ගලික ආයතනයක ගබඩාව බිඳ රුපියල් 47,000/- ක් වටිනා තඹ කම්බි සහ තඹ පටි කිලෝ ග්‍රෑම් 97ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට එම ආයතනයේම සේවකයින් දෙදෙනෙක් අද (09) සවස අත්අඩංගුවට ගත් බව අක්මීමණ පොලීසිය කියයි.
සොරකම් කරන ලද තඹ තොගයද කටුගොඩ, පෙට්ටිගලවත්ත, තනිපොල්ගහ යන ප්‍රදේශවල පරණ යකඩ මිලයට ගන්නා ස්ථානවලට විකුණා තිබියදී පොලිසිය බාරයට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ සැකකරුවන් රාත්‍රී වැඩ මුරයේ සේවයේ නියුතුව සිටියදී මෙම සොරකම සිදුකර ඇති බව මූලික විමර්ෂණයේදී අනාවරණය වූ බවයි.
අවුරුදු 24 සහ 26 වයසේ පසුවන සැකකරුවන් හිනිදුම්ගොඩ සහ බටදූව මල්ගහ හන්දියේ ස්ථිර පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
සැකකරුවන් සහ පොලීසිය භාරයට ගන්නා ලද සොරකම් කරණ ලද තඹ තොගය හෙට (10) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අක්මීමණ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තඹ සොරාගත් සේවකයින් දෙදෙනා අත්අඩංගුවට