මෙරට ආර්ථිකයට වැඩිම විනිමය ප්‍රතිශතයක් ලබාදෙන මැදපෙරදිග ඇතුළු ලෝකයේ විවිධ රටවල සේවයේ නියුතු විගමනික දෙමාපියන්ගේ දු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ ‘රන් නැණ පහණ’ වැඩසටහනේ ආරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙය සංවිධානය කර තිබූ අතර මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය , අ.පො.ස සාමන්‍ය පෙළ , උසස් පෙළ යන විභාග සමත් මෙන්ම සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් රැසක් අග්‍රාමාත්‍යවරයා අතින් ශිෂ්‍යත්ව ලැබුහ.
‘රන් නැණ පහණ’ වැඩසටහනේ නිර්මාතෘ විදුලි සංදේශ ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර , හෙක්ටර් අප්පුහාමි , අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා යන මහත්වරුද මේ අවස්ථාවට එක්වුහ.
( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd