IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘රන් නැණ පහණ‘‘ ශිෂ්‍යත්ව ප්‍රධානය අගමැති ප්‍රධානත්වයෙන්

මෙරට ආර්ථිකයට වැඩිම විනිමය ප්‍රතිශතයක් ලබාදෙන  මැදපෙරදිග ඇතුළු ලෝකයේ විවිධ රටවල සේවයේ නියුතු විගමනික දෙමාපියන්ගේ දු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ ‘රන් නැණ පහණ’ වැඩසටහනේ ආරම්භක අවස්ථාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙය සංවිධානය කර තිබූ අතර මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය , අ.පො.ස සාමන්‍ය පෙළ , උසස් පෙළ යන විභාග සමත් මෙන්ම සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් රැසක් අග්‍රාමාත්‍යවරයා අතින් ශිෂ්‍යත්ව ලැබුහ.

‘රන් නැණ පහණ’ වැඩසටහනේ නිර්මාතෘ විදුලි සංදේශ ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර , හෙක්ටර් අප්පුහාමි , අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා යන මහත්වරුද මේ අවස්ථාවට එක්වුහ. 

( ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )

 



අදහස් (0)

‘‘රන් නැණ පහණ‘‘ ශිෂ්‍යත්ව ප්‍රධානය අගමැති ප්‍රධානත්වයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site