(මහියංගණ - රංජිත් කරුණාවිර)
මහියංගනයේ පරගම්මන නිවසක තිබු ලක්ෂ 18ක රත්‍රං බඩු හා මුදල් පැහැරගෙන පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු 09 දින අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරිම් හමුවේ සොරකමට සම්බන්ධ සියලු තොරතුරු පැය 24ක් යෑමට පෙර අනාවරණය කරගත් බවත් සොරකමට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙක්ද, ඊට අනුබල දුන් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව රිදිමාලියද්ද පොලිසිය පැවසීය.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ මාපාකඩවැව හා කුඩාලුණුක ගම්මානයේ පදිංචි වයස අවුරුදු 21ක හා 18ක තරුණයන් දෙදෙනෙක් වන අතර සොරකම සිදු කිරිම සදහා අනුබල ලබාදුන් පුද්ගලයා රෝහන ගම්මානයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක් වේ.
මහියංගන පරගම්මන ගම්මානයේ නිවසක වහලයේ උලු ගලවා 08 දින රාත්‍රි නිවසට ඇතුලු වී ඇති සැකකරුවන් නිවෙස් හිමි කාන්තාවන් නිදා සිටියදී අල්මාරියෙහි තිබු රුපියල් 40000ක (හතලිස් දහසක්) මුදල් හා ලක්ෂ 18ක් වටිනා රත්‍රං සොරකම් කර යතුරුපැදියකින් ඵළාගොස් ඇත. සොරකම සම්බන්ධයෙන් නිවෙස් හිමියන් මහියංගන පොලිසියට 09 දින උදෑසන පැමිණිලි කර ඇත.
සොරකම් කල රං භාණ්ඩ එක් සැකකරුවෙකුගේ නිවසෙහි තබා සගයා කුඩාලුණුක දක්වා ඇරලවීමට මහියංගන බිබිල මාර්ගයේ ගමන් කරමින් සිටියදී ආඳාඋල්පත නගරයේදී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් සැක පිට නවතා ප්‍රශ්න කර ඇත. ෆුල් ෆේස් හෙල්මට් පැළඳ රාත්‍රි සැකකටයුතු ලෙස ගමන් කිරිම හේතුවෙන් ප්‍රශ්න කිරිම සඳහා පොලිසියට රැගෙන යෑමෙන් පසු සොරකමේ සුළ මුල හෙලි කර ගන්නට සමත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා රංභාණ්ඩ හා මුදල් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
බදුල්ල පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ හා මහියංගන සහකාර පොලිස් අධිකාරී එල්. අබේගුණසේකර මහතාගේ උපදෙස් මත රිදිමාලියද්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොෂාන් එස් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා පො. කො. 64109 නිහාල්, 64106 සුනිල්,3026 මානවසිංහ යන නිලධාරිහු පරික්ෂණ පවත්වති.

2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්‍රං කොල්ලකරුවන් කොටුවෙයි