ඇමැති කබීර්ගේ ලේකම්ට වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් ඇමැති කබීර් හසීම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වන මොහොමඩ් නස්ලිම් මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ. 13 March 2019
තලවිල දෙව් මැදුරේ නේවාසික විවේක මධ්‍යස්ථානයට මුල්ගල තැබෙයි තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ රුපියල් ලක්ෂ 500ක වියදමින් ඉදිවීමට නියමිත නේවාසික ධර්ම විවේක මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීම අද නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදු විය. 13 March 2019
බෙලිගල්ල ග්‍රාමීය බැංකුවෙන් ලක්ෂ පහක් කොල්ලකාලා ගිනි අවි අතැතිව අද සවස බෙලිඅත්තේ බෙලිගල්ල ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු බැංකු සේවකයින්ට තර්ජනය කර රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් කොල්ලකාපලා ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි. 13 March 2019
සන්නද්ධ කණ්ඩායමක් පහරදී මුදල් කොල්ල කාලා අඟුලාන සමුද්‍රාසන්න පාරේ නිවසකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එහි තිබූ මුදල් කොල්ලකා තවත් පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල කර පලා ගොස් ඇතැයි අඟුලාන පොලිසිය කියයි. 13 March 2019
සබරගමුව සරසවි සිසුන් සත්‍යයග්‍රහයක සමාජිය විද්‍ය හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකෙරෙන බදවා ගැනීම් කප්පාදුව වහා නතර කර ගන්නා ලෙස ඉල්ලා සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස සත්‍යයග්‍රහයක් අද (13) දහවල් ආරම්භ කෙරිණි. 13 March 2019
දුම්රිය අනතුරෙන් ව්‍යාපාරිකයෙක් මරුට මාතර පඹුරණ අබේගුණරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී අද (13) දුම්රියේ හැපීමෙන් මෝටර් රථයක ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකු මිය ගිය බව පොලිසිය පවසයි. 13 March 2019
නොර්වුඩ් වතුකම්කරුවෝ උද්ඝෝෂණයක තමන් වසර ගණනාවක සිට පානිය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය ලබා ගැනිමට උත්සහ කරන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් තේ කර්මාන්ත ශාලාව වටලා අද (13) උද්ඝෝෂනයක් ඇරඹුහ. 13 March 2019
එප්පාවල ගොවි සංවිධාන 36ක් උද්ඝෝෂණයේ එප්පාවල කොට්ඨාසයේ ගොවි සංවිධාන 36 ක ගොවි ගෙවිලියෝ පිරිසක් එප්පාවල නගරයේදී අද(13) උද්ඝෝෂණයක නිරත වූහ. 13 March 2019
වටලුගොඩ අමුණේ පුද්ගල මළ සිරුරක් හාලිඇල - බදුල්ල සීමාමායිමෙහි පිහිටි වටලුගොඩ අමුණේ තිබී අද (13) පුද්ගල මළ සිරුරක් හමුවූ බව හාලිඇල පොලිසිය කියයි. 13 March 2019
කළමනාකරුවන් 17ක් කම්හලේ සිරකළ සේවකයන් 9ක් අත්අඩංගුවට හොරණ මහවත්ත කර්මාන්තශාලාවක කළමනාකරුවන් 17දෙනෙකු රැස්වීම් ශාලාවක් තුළ බලහත්කාරයෙන් සිර කරගෙන සිටි සේවකයන් නවදෙනෙකු අද(13) අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. 13 March 2019
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ වීදි බසිති ඌව පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද(13) බදුල්ල නගරයේදී විරෝධතාවක නිරතවූහ. 13 March 2019
කුරුණෑගල රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධයක කුරුණෑගල ශික්ෂණ රෝහලේ අස්ථි සම්බන්ධ සැත්කම් සිදුකරන ශල්‍යාගාරය තුළ සැත්කමක් සිදුකරමින් සිටින අවස්ථාවක ශල්‍ය වෛද්‍යවරයකු විසින් එහි සේවය කරන හෙදියකට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට විරෝධය පාමින් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (13) සේවාවලින් ඉවත්වී විරෝධතාවයක නිරත වූහ . 13 March 2019
ඩොලර් සොරාගත් හෝටල් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ඇමරිකානු ඩොලර් 595ක් සොරකම් කළ බව කියන හෝටල් සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි. 13 March 2019
ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සබරගමු පළාතේ පාසල් 1,114ක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාලව ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. 13 March 2019
වීසා නොමැතිව සිටි විදේශිකයෙක් අත්අඩංගුවට මාස 10ක පමණ කාලයක් වීසා නොමැතිව මෙරට විවිධ ප්‍රදේශවල රැඳී සිටි 45 හැවිරිදි සිංහල භාෂාව කතා කළ හැකි විදෙස් ජාතිකයකු අද (13) අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය සඳහන් කරයි. 13 March 2019
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ බකමූණ, අත්තනකඩවල, යාය 23 ප්‍රදේශයේදී මෝටර් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙකු මිය ගොස්, රථයේ රියදුරු හා කාන්තාවක තුවාල ලබා ඇතැයි බකමූණ පොලිසිය කියයි. 13 March 2019
වෙඩි වැදුණු අලියෙකු ගොඩගන්න වනජීවී නිලධාරීන් දැඩි පරිශ්රමයක බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වල් අලියෙකුට ප්‍රතිකාර කර සුවකිරීමට වනජීවි නිලධාරීහු අද (12) මහත් පරිශ්‍රමයක් දැරූහ. 12 March 2019
කරන්දෙණිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරු 3 ක් ඉල්ලා අස්වෙති කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙනෙකු හා එක් මන්ත්‍රීවරියක් අද (12) සිය මන්ත්‍රීධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාට බාරදෙන ලදි. 12 March 2019
තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කරලා ඉංගිරිය හඳපාන්ගොඩ තේ වත්තක් තුළදී තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. 12 March 2019
රෝද දෙකෙන් ත්‍රිරෝද රිය පදවා තුවාල කළැයි තරුණයකු රිමාන්ඩ් ත්‍රීරෝද රථයක් රෝද දෙකකින් පදවා 18 හැවිරිදි තරුණයකුට තුවාල සිදුකළ 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන මස 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් අමිල ආරියරත්න මහතා නියෝග කළේය. 12 March 2019
මුදල් නොදුන්නැයි උප කොන්ත්‍රාත්කරු ගහක නැගලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් උප කොන්ත්‍රාත්කරුවෙකු එම වැඩපලේ අඩි 40 ක් පමණ උස ගසක් මත නැග අද (12) සිට උපවාසයක නිරතව සිටි. 12 March 2019
අකුරණ ප්‍රා. සභාවේ ගාලගෝට්ටියක් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම්.ඉස්තිහාර් මහතා ගෙනා යෝජනාවක් නිසා අද (12) පැවැති අකුරණ ප්‍රාදේශීය සභා මාසික මහ සභා රැස්වීම ගාලගොට්ටියක් බවට පත්වීමෙන් පසු සභාපතිවරයාට සභාව කල් තැබිණි. 12 March 2019
සමෘද්ධි නිලධාරියාට පහර දුන් අය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශ නිළධාරින් අද (12) ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ. 12 March 2019
‘සහතික වී මිල කඩිනමින් නොදුන්නොත් අගමැති කාර්යාලය වටලනවා‘ ගොවි ජනතාව ඉල්ලා සිටින රජයේ සහතික වී මිල කඩිනමින් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් නුදුරේදීම දිනයක ගොවි ජනතාව සිය දහස් ගණනින් කොළඹට කැඳවා පාර්ලිමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය වටලා විරෝධය දක්වන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි නායකයෝ අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියහ. 12 March 2019
කොටබත්ම රක්ෂිතයේ ගින්නක් කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයේ අද (12) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට අක්කර 10 ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි. 12 March 2019
කළුගඟට දේපළ දන් දුන් පවුල් අමාරුවේ මොරගහකන්ද -කළු ගඟ ජල යෝජනා ක්රමයේ කළු ගඟ ජලාශය සඳහා සිය ගම්බිම් ගේ දොර පරිත්‍යාග කළ ප්‍රධාන පවුල්වලට අයත් අනුපවුල්වල ජනතාවට තවමත් වන්දි මුදල් සහ කුඹුරු ඉඩම් ලබාදී නැති බව එම ජනතාව පවසති. 12 March 2019
කාන්තාවන්ගේ මාල, දුරකථන, අත්බෑග් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට යතුරුපැදි වලින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ රන් මාල, ජංගම දුරකථන, අත්බෑග් කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. 12 March 2019
හෝටලයක දී ජර්මන් ජාතිකයෙක් මරුට කොග්ගල සංචාරක හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටි ජර්මන් ජාතිකයකුගේ මළසිරුර සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 12 March 2019
අගමැතිට - පවුලේ ඥාතීන්ට සෙත් පතා බෝධි පූජා පිංකමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පවුලේ ඥාතීන්ට සෙත් පැතීමට හා මියගිය ඥාතීන්ට පිං පැමිණවීම වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වාර්ශිකව පැවැත්වෙන බෝධි පූජා පිංකමක් අද (11) පැවැත්විණි. 11 March 2019
යාල වනෝද්‍යානය තුළ මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට යාල ජාතික වනෝද්‍යානයට අයත් කලාප අංක 4 ඊරියපොළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස උද්‍යානයේ වළවල් තුළ මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව වනජිවි නිලධාරීහු පවසති. 11 March 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025