(ක. ග. කරුණාරත්න)
බකමූණ, අත්තනකඩවල, යාය 23 ප්‍රදේශයේදී මෝටර් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙකු මිය ගොස්, රථයේ රියදුරු හා කාන්තාවක තුවාල ලබා ඇතැයි බකමූණ පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බකමූණ දිග්ගල්පිටිය පදිංචි අලුත්ගෙදර අසේල සම්පත් අමරසූරිය යන 23 හැවිරිදි පුද්ගලයෙකි.
විවාහ මංගල උත්සවයකට සහභාගිවී ආපසු නිවෙස බලා යමින් සිටි එකම පවුලේ 05 දෙනෙකු ගමන් ගත් මෝටර් රථයක් මෙම අනතුරට ලක්ව තිබේ.
රියදුරුට නින්දයාම හෝ මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට ධාවනයවී අසළ තිබූ ගසක හැපී අනතුර සිදුව ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
බකමුණ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ