(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද -කළු ගඟ ජල යෝජනා ක්‍රමයේ කළු ගඟ ජලාශය සඳහා සිය ගම්බිම් ගේ දොර පරිත්‍යාග කළ ප්‍රධාන පවුල්වලට අයත් අනුපවුල්වල ජනතාවට තවමත් වන්දි මුදල් සහ කුඹුරු ඉඩම් ලබාදී නැති බව එම ජනතාව පවසති.
තම ගම්මානවලට ගමන් කිරීමට ඇති මාර්ග නිසි ලෙස නඩත්තු නොකරන බවත් තමන්ට පානීය ජලය ලබාදෙන්නේ බවුසර් මගින් බවත් කිසිදු ගොවිතැනක් කරගැනීමට ඉඩම් නොමැති බවත් ඇතැම් පවුල් ලන්තෑරුම් එළියෙන් ජීවත්වන බවත් තමන් මහා ඝන කැලෑ වල කුඩා වාඩි තනාගෙන වනසතුන් සහ විෂ ඝෝර සර්පයන්ගෙන් මිදී ජීවත්වීමේ අරගලයක නිරතව සිටින බවත් ඔවුහු පවසති.
මෙම ජනතාව වැඩිදුරටත් කියා සිටියේ තමන්ට අක්කර බාගයක ඉඩමක් පවා ලබා ගත්තේ දැඩි අරගලයකින් පසු බවයි. දැනට රුපියල් ලක්ෂ 12 ක මුදල් වන්දියක් කුඹුරු ඉඩම් ලබාදෙන අයට දෙන බවත් එම වන්දිය ලබා දෙන්නේ නම් තමන්ට නිවසක් තනා ගැනීමට හැකි බවත් ජනතාව කියාසිටිති.
මහවැලි අධිකාරියට විරුද්ධව තමන් කළ අරගලවලින් පසු නිවාස තනා ගැනීම සඳහා නිලධාරීන් ඉඩම් ලබානොදීම සම්බන්ධයෙන් වසර ගණනාවක් සිට මහවැලි බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුම් ලබාදී නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේබව දැනුම් දීමට අවැසි බවත් අවතැන් වූ ජනතාව කියති.




2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුගඟට දේපළ දන් දුන් පවුල් අමාරුවේ